April 30, 2024

ගඟට පැන්න හිමිනමගේ සිරුර සොයා මෙහෙයුම් අරඹයි

මාතර, තිහගොඩ, බණ්ඩත්තර ප්‍රදේශයේ දී හිමිනමක් නිල්වලා ගඟට පැන සිය දිවි නසාගෙන ඇති බව වාර්තා වේ.

අවුරුදු 81ක් පමණ වයසැති මෙම හිමිනම මානසික ආබාධිත තත්ත්වයෙන් පසුවී ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

මළ සිරුර තවමත් හමු වී නොමැති අතර පොලීසිය සහ නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් එක්ව සෝදිසි මෙහෙයුම් දියත් කර ඇත.

Rate this item
(0 votes)