May 02, 2024

එක්නැළිගොඩගේ අතුරුදන්වීම ගැන හමුදාවේ සිව්දෙනෙකු අත්අඩංගුවට

අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන් වීමේ සිද්ධිය පිළිබඳ යුද හමුදාවේ සිව් දෙනකුගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, යුද හමුදාවේ ලෙෆ්ටිනන් ක්ර්නල්වරුන් දෙදෙනෙකු, මාණ්ඩලික සැරයන්වරයකු සහ කෝප්‍රල්වරයකු ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව යි.

ලුතිනන් කර්නල්වරුන් දෙදෙනා ගිරිතලේ හමුදා කඳවුර බාරව සිටිය දී එක්නැලිගොඩ පැහැරගෙන එහි රඳවාගෙන සිටි බවට ලැබුණු තොරතුරු ගැන රහස් පොලිසිය ඔවුන්ගෙන් ප්‍රශ්න කර ඇත.

මීට පෙර අත්අඩංගුවට ගත් තිදෙනෙක් රැඳවුම් නියෝග මත පසු වෙති.

Rate this item
(0 votes)