May 06, 2024

එක්නැලිගොඩ ගැන හමුදාවේ 4කගෙන් ප්‍රශ්ණ කරයි

අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පිළිබඳ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාවේ සිව් දෙනකු රහස් පොලිසියට ගෙන්වා ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බව වාර්තා වේ.

2010 ජනවාරි මාසයේ දී අතුරුදන් වූ ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සම්බන්ධයෙන් මුලින් හෝමාගම මූලස්ථාන පොලිසිය විමර්ශන කළ අතර එක්නැලිගොඩ මහතාගේ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පැවසූවේ පොලිස් විමර්ශන ගැන සෑහීමකට පත් නොවන බව යි.

එමෙන්ම ඇය ඒ සම්බන්ධයෙන් හෝමාගම හිටපු මූලස්ථාන පොලිස් පරීක්ෂක (වර්තමාන සහකාර පොලිස් අධිකාරී) ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් නඩුවක් ද ගොනු කළා ය.

එක්නැලිගොඩ මහතා විදේශ රටක සිටින බවට හිටපු අග විනිසුරු මොහාන් පීරිස් මහතා සහ හිටපු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු විටෙක ප්‍රකාශ කර තිබූ නමුත් එය ද සනාථ කිරීමට ඔවුහු අපොහොසත් වූ අතර ජනවාරි 8 වැනිදායින් පසු සිද්ධිය ගැන රහස් පොලිසිය පරීක්ෂණ ඇරඹුණි.

එහි ප්‍රතිඵලයක් ලෙස හමුදාවේ තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූ අතර එක්නැලිගොඩ මහතා ඝාතනය කොට ඇතැයි පොලිසිය සැක කරයි.

Rate this item
(0 votes)