May 03, 2024

ජනපතිවරණයේ දී ලංගම බස් ගත්තාට මහින්ද ඇතුළු 7කට නඩු

පසුගිය ජනාධිපතිවරණ සමයේ දී එහි වැඩ කටයුතු සඳහා ලංගම බස් අයතා ලෙස භාවිත කිරීම වෙනුවෙන් අය විය යුතු රුපියල් කෝටි 14ක මුදලක් ඉල්ලා ලංකා ගමනාගමන මණ්ඩලය විසින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කමිටුවේ සිටි සාමාජිකයින් 7 දෙනෙකුට එරෙහිව කොළඹ වානිජ මහාධිකරණයේ නඩු පවරා ඇත.

එම පිරිස අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, එජනිසයේ හිටපු ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රීලනිපයේ හිටපු ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, ගාමිණී සෙනරත්, අමල් සේනාධිලංකාර යන මහත්වරු ද සිටින බව වාර්තා වේ.

Rate this item
(0 votes)

Related items