May 01, 2024

ශ්‍රී ලංකා - පකිස්තානු තරගය අතරතුර සිදු වූ ගැටුම (VIDEO)

බීමත් පුද්ගලයින් දෙදෙනෙකු අතර සිදු වූ ගැටුමක් ප්‍රේක්ෂකාගාරයේ දෙපිරිසක් අතර ගැටුමක් බවට වර්ධනය වීම හේතුවෙන් කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ ඊයේ දින (19) පැවැත්වුණු ශ්‍රී ලංකා පාකිස්තානු දිවා රාත්‍රී ක්‍රිකට් තරගය අතරතුර දී ඇති වූ නොසන්සුන් තත්ත්වයක් හට ගත් අතර තරඟය අතරමග නවතා කැරළි මර්ධන ඒකක සහ පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා ගැටුමට සම්බන්ධ පිරිස් ඉවත් කිරීමට ද සිදු විය.

මෙහි දී ගල්මුල් සහ වීදුරු බෝතල් වීසිකරමින් එකිනෙකාට ප්‍රහාර එල්ල කරගැනීමක් සිදු වී එම ආසන්නයේ පන්දු රකිමින් සිටි පාකිස්තානු ක්‍රීඩකයෙකු ද ප්‍රහාරයට ලක්ව තුවාල ලබා ඇති බව වාර්තා වේ.

පසුව තරඟය නැරඹීමට පැමිණි සියළු ප්‍රේක්ෂකයින් ක්‍රීඩාංගනයෙන් ඉවත් කිරීමට බලධාරීන් තීරණය කළ අතර ඉන්පසුව නැවතත් තරගය ආරම්භ කිරීමට තරඟ තීරකවරයා පියවර ගත්තේ ය.

එම අවස්ථාවේ ඡායාරූප සහ වීඩියෝව පහතින් නරඹන්න.

සබැඳි පුවත් - 

සිද්ධියේ නවතම වීඩියෝව නරඹන්න (VIDEO)
ඛෙත්තාරාමයේ ගැටුම ගැන පාකිස්තානු ප්‍රතිචාර
ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්




Rate this item
(0 votes)
Last modified on Monday, 20 July 2015 14:44