May 03, 2024

ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

ශ්‍රී ලංකාවට එරෙහිව ඊයේ (19) ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති එක්දින තරඟයෙන් ලකුණු 135ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට සංචාරක පකිස්ථානු කණ්ඩායම සමත් විය.

පළමුව පන්දුවට පහරදුන් පකිස්ථානය ලකුණු 316ක් ලබාගත් අතර ශ්‍රී ලංකා පිළට සියලු දෙනා දැවී ලබා ගත හැකිවුයේ පන්දුවාර 41.1කදී ලකුණු 181ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් ලහිරු තිරිමාන්න ලකුණු 56ක් රැස්කළ අතර සෙසු පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට පකිස්ථානු පන්දු යවන්නන් හට හැකියාව ලැබුණි.

ශ්‍රී ලංකා ඉනිම ක්‍රියාත්මක වෙමින් තිබිය දී ප්‍රේක්ෂකාගාරයේ උණුසුම් තත්ත්වයක් ඇති වීම හේතුවෙන් තරගය අතරමග නැවතූ අතර ආරක්ෂක අංශවල මැදිහත්වීමෙන් පසුව එම නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කර නැවතත් තරඟය ආරම්භ කරන ලදී.

මෙම ජයග්‍රහණයත් සමග  තරඟ 5කින් සමන්විත තරඟාවලියේ පකිස්ථානය 2ට 1ක් ලෙස ඉදිරියෙන් සිටියි.

සබැඳි පුවත් -

ශ්‍රී ලංකා - පකිස්තානු තරඟය අතරතුර සිදු වූ ගැටුම (VIDEO)
ඛෙත්තාරාමයේ ගැටුම ගැන පාකිස්තානු ප්‍රතිචාර

 

Rate this item
(0 votes)
Last modified on Monday, 20 July 2015 09:29