May 20, 2024

අයින්ස්ටයින් යළි ඉපදිලා : දැන් අවුරුදු නමයක මහාචාර්යවරයෙක්

අපේ රටෙත් මහාචාර්යවරුන්ගේ වැඩ කටයුතු බලන් ඉන්න අපට ලෝකයේ ලාබාලම මහාචාර්යවරයාගේ වැඩ ගැනත් අසල්වැසි අපේම කලාපයේ රටකින් අසන්නට ලැබෙනවා.

මේ ලාබාලම මහාචාර්යවරයාගේ කථාව අපේ රටෙත් දැන් ප්‍රසිද්ධයි.

නූතන අයින්ස්ටයින්

2012 අප්‍රේල් 9 වැනිදා බංග්ලාදේශයේ ඉපදුනු සොබෝනො අයිසැක් බාරි බොහෝ දෙනෙක් හඳුන්වන්නේ නූතන අයින්ස්ටයින් විදිහටයි.

තවමත් 9 හැවිරිදි වියේ පසුවන බාරි විස්මිත මොලකරුවෙක්.පියා ගණිතඥයෙක්.

අවුරුදු දෙකේදීම ලොකු ප්‍රශ්න විසඳලා

වයස අවුරුදු 2 පමණ වන විට ගණිතය , රසායන විද්‍යාව සහ භෞතික විද්‍යා සමීකරණ විසඳීමට උපන් හපනකු වූ බවයි සඳහන් වන්නේ.

බාරිගේ මේ හැකියාවන් ඔහුගේ දෙමාපියන් විසින් වීඩියෝ ගතකර ගත කර සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමත් සමග එම වීඩියෝ පට ඇමරිකාවේ නිව්යෝක් නගරයේ රූපවාහිනී ආයතන වල විශේෂ අවධානයට ලක් වුණා.

ඇමරිකාවේ දී තැබූ වාර්තාව

බාරිගේ ජීවිතයේ කඩයිම් අවස්ථාවක් වන්නේ ඉතා ජනප්‍රිය VOICE of AMERICA වැඩ සටහනේ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙන්න ලැබීම.

ඔහු එම සම්මුඛ සාකච්ඡාව අවසන් කළේ ඊට සහභාගි වූ ලොව ලාබාලතම පුද්ගලයා ලෙස වාර්තාවක්ද තබමින්.

සිය බුද්ධිමය දස්කම් උදෙසා බාරි 2020 වර්ෂයේ ජනවාරි මාසයේදී ගෝලීය ළමා සම්මානයකින් පුදනු ලැබුවේ අවුරුදු 7 පහුවෙද්දි.

ඉගෙන ගන්න ගමන් කරන මහාචාර්ය වැඩේ

මේ වන විට ඇමරිකාවේ නිව්යෝර්ක් පාසැලේ අධ්‍යාපනය හදාරන බාරි අධ්‍යාපනය ලැබීමට අමතරව අන් අයට අධ්‍යාපනය ලබාදෙන මහාචාර්යවරයකු ලෙසත් කටයුතු කරනවා.

හැබැයි ඔහුගේ මේ ගෝලයන් සියල්ලන්ම ඔහුගේ වයසට වඩා දෙගුණයකින් වැඩි සරසවි සිසුන්.

එතනින් නොනැවතුන බාරි SCIENCE LAB නැමැති තමාගේම සමාජ මාධ්‍ය නාලිකාවක් ඔස්සේ ලෝකය වෙතම බෙදාහරින්නේ තමන් දන්නා දේ අනිත් අයටත් උගන්වමින්.

ලෝකයේ පුංචිම මහාචාර්යවරයාගේ වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Thursday, 17 June 2021 21:11