May 20, 2024

ඩයානා කුමරියට දිවි අහිමි කළ මාධ්‍ය සාකච්ඡාව - ළඟම මිතුරිය හෙළි කරන කතාව

ඩයනා කුමරියගේ ළඟම මිතුරියක වූ සිමෝන් සිමන්ස් විසින් කුමරියගේ මරණයෙන් වසර 27කට පසුව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර තිබේ.

ඒ ඩයනා කුමරිය මිය යෑමට වසර 02කට පෙර සහභාගී වූ 1995 වසරේ දී විකාශය කළ BBC මාධ්‍ය නාලිකාවේ වැඩසටහනක වූ සිදුවීමක් සම්බන්ධයෙනි.

මෙම වැඩසටහන වූයේ “Panorama Interview (පැනෝරාමා සම්මුඛ සාකච්ඡාව)” ය. මෙය මෙහෙය වන ලද්දේ හිටපු බි.බි.සී මාධ්‍යවේදියෙකු වූ මාටින් බෂීර් ය.

බෂීර් විසින් ඩයනා කුමරිය මෙම වැඩසටහන වෙත සහභාගී කරගැනීම සඳහා ඩයනා කුමරියගේ හිතට විස පෙවූ පවට සිමෝන් විසින් ප්‍රබල ලෙස චෝදනා කරමින් සඳහන් කර තිබේ. ඔහු විසින් ඩයනා කුමරියගේ සේවකයින්ට පවා නිතරම කතා කරමින් බොරු පුවත් මවින් ඔවුන් සියලු දෙනාව මුලාවට පත් කර අල්ලාගත් බවද ඇය සිමෝන් විසින් පවසා ඇත.

ඩයනා කුමරිය බොහෝ අවස්ථාවල පුණ්‍යායතන හරහා අසරණ අයට පිහිට වීමට කැමැත්තෙන් සිටි කාන්තාවකි. බෂිර් විසින් ඩයනා කුමරිය තමන්ගේ වැඩසටහන වෙත අල්ලා ගැනීම සඳහා මෙය ප්‍රයෝජනයට ගත් බව සඳහන් වෙයි.

ඩයනා කුමරියගේ මිතුරිය සිමෝනා සිම්සන්

එහිදී බෂීර් විසින් ඩයනා වෙත පවසා තිබුණේ තමන් ළඟ විශාල මුදලක් ඇති බවත්, එම මුදල් පුණ්‍ය කටයුතු සඳහා යෙදවිය හැකි බවත් තමන්ගේ සාකච්ඡාව හරහා එම කටයුතු පිළිබඳව සමාජය දැනුවත් කළ හැකි බවයි. 

මෙහිදී බෂීර් විසින් ඩයනාගේ සිත දිනාගැනීම සඳහා ව්‍යාජ බැංකු ගිනුමක පිටපතක්ද ඉදිරිපත් කර තිබූ බව සඳහන් වෙයි. සිමෝන් පවසන්නේ බෂිර්ගේ එම ප්‍රකාශය හේතුවෙන් ඩයනා තුළ ඔහු ගැන පැහැදීමක් ඇතිව තිබූ බවයි.

ඩයනාගේ හිත දිනාගන්න කෙසේ හෝ සමත් වන බෂීර් විසින් ඇයව 1995 වසරේ දී ඩයනාගේ ජීවිත උඩුයටිකුරු කළ සාකච්ඡාවට එක් කරගැනීමට සමත් විය.

සිමෝන් පවසන්නේ ඩයනා විසින් එම වැඩසටහනේ දී පවසා සිටි “අප තිදෙනා සිටින මේ විවාහය (“three of us in the marriage)” යන වැකිය හේතුවෙන් ඩයනා කුමරියගේ සහ චාල්ස් කුමරුගේ විවාහය දෙදරා යෑමට සමත් වූ වැකියක් වු බවයි.  

ඩයනා කුමරියගේ ජීවිතය වෙනස් කළ සාකච්ඡාව අතර

එහිදී ඩයනා කුමරිය විසින් චාල්ස් කුමරු හට කිරුළ හිමි වීම ගැන සැක පළ කර තිබූ අතර චාල්ස් කුමරුගේ වත්මන් බිරිඳ කැමිලා කුමරිය ගැන ඇති අවිශ්වාසයන් මෙන්ම තමන්ගේ විවාහ ජීවිතේ තිදෙනෙකු සිටින බවත් ප්‍රකාශ කර තිබුණි.

එමෙන්ම ඇයගේ යටගියා වූ ප්‍රේම සම්බන්ධතාවයන් ගැනද ඇය සඳහන් කර තිබුණු අතර එහිදී ඇය පවසා තිබුණේ විසින් හිටපු හමුදා නිලධාරියෙකු වූ ජේම්ස් හෙවිට් සමඟ සම්බන්ධයක් ඇති කරගෙන සිටි බවත් පසුව ඔහුව අත්හැර දැමූ බවත්ය.

මෙම වැඩසටහන තුළ පැවසූ බොහෝ දේවල් හේතුවෙන් ඩයනාගේ ජීවිතය අසීරු තාවයට පත් වූ බව පවසා සිටින සිමෝන් වැඩිදුරටත් කියා සිටියේ ඩයනා හට ඇයගේ රාජකීය වරප්‍රසාදයන් සියල්ලම අහිමි කර දැමීමට සමත් වූ බවයි.

සිමෝන් විසින් සඳහන් කර සිටියේ එදා ඩයනා කුමරිය එම වැඩසටහනට සමභාගී නොවුණා නම් අද තවමත් ඇය ජීවතුන් අතර සිටිනු ඇති බවයි.

වැඩසටහන අතර මාටින් බෂීර් ඩයනා කුමරියගෙන් ප්‍රශ්න අසමින්

ඩයනා කුමරියට හිතවත් පාර්ශවයන් විසින් මාටින් බෂිර්ට එරෙහිව පියවර ගන්නට හැදුවත් ඔහු අපරාධයක් සිදුකළ බවට කිසිදු සාධකයන් හමු වී නොතිබුණි. එමෙන්ම ඩයනා කුමරිය විසින් එම වැඩසටහනේ දී කළ ප්‍රකාශයන් කිසිවක් වැඩසටහන මෙහෙය වූ මාටින් බෂීර්ගේ බලපෑම හෝ නොමැඟ යැවීම මත නොකියූ ඒවා බවටද ප්‍රකාශක් ලබාදී තිබුණි.

මිලියන 23කට අධික පිරිසක් බැලූ මෙම වැඩසටහනින් වසර 02කට පසුව ඩයනා කුමරිය අවාසනාවන්ත ලෙස රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්විය. ඇයගේ මරණ පිළිබඳව බොහෝ දෙනෙකු විවිධ මත පළකරමින් අදහස් ද දක්වා තිබුණි.

Rate this item
(7 votes)