May 17, 2024

ඡායා කැබිනට්ටුවෙන් මහින්ද ඉවත් වෙයි

ඒකාබද්ධ විපක්‍ෂය විසින් ඊයේ (07) ප්‍රකාශයට පත් කරන ලද ඡායා කැබිනට්ටුවේ අගමැතිවරයා සහ බුද්ධ ශාසන හා ආරක්ෂක කටයුතු අමාත්‍යවරයා ලෙස නම් කර තිබූ හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා එම කැබිනෙට්ටුවෙන් තමාගේ නම ඉවත් කරන ලෙස දැනුම් දී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ මහතා විසින් අමාත්‍යාංශ වෙනුවෙන් අධික්ෂණ මන්ත්‍රීවරුන් පත්කිරිමට උපදෙස් දී ඇති නමුත් ඒ වෙනුවෙන් ඡායා කැබිනෙට්ටුවක් පත් කරන්නැයි උපදෙස් ලබා දී නොමැති බව වාර්තා වේ.

මේ අතර අද (08) උදෑසන ඒකාබද්ධ විපක්ෂය නම් කළ ඡායා කැබිනට්ටුවේ නගර නිර්මාණ හා ජල සම්පාදන අමාත්‍යවරයා ලෙස නම් කර සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලොහාන් රත්වත්තේ මහතා ද ඉන් තමා ඉවත් කරන ලෙස ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතාට දැනුම් දී තිබේ.

ඒ සම්බන්ධව අදහස් දැක්වූ රත්වත්තේ මහතා කියාසිටියේ මෙම ඡායා කැබිනෙට්ටුවට පිළිබඳව සහ එයට තමන් ඇතුළත් බව මාධ්‍ය මගින් වාර්තා කරන තෙක් නොදැන සිටි බවයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 09 July 2016 09:53

Related items