May 02, 2024

ලොවටම WiFi දීමට සැරසෙන 'Elon Musk' (VIDEO)

ශ්‍රී ලංකාව තුල මෙන්ම ලොව පුරා දැන් දැන් බොහෝදුරට කතාබහට ලක්වෙන දෙයක් තමයි නොමිලේ අන්තර්ජාලය ලබාදීම හා WiFi තාක්ෂණය. 

ඒත් මොහොතකට සිතා බැලුවද මෙවැනි අතිවිශාල ව්‍යාපෘතියක් සඳහා මුදල් කොපමණ වැයවෙනවාද ඒවා සොයාගන්නේ කෙසේද යන්න පිළිබඳව, ඇත්තෙන්ම පරිගණක තාක්ෂණය හා අන්තර්ජාලයේ දියුණුව වෙනුවෙන් විශාල මෙහෙයක් කල පුද්ගලයින් පිලිබදව කතා කරනවිට Steve Jobs, Bill Gates, Mark Zuckerberg වැනි පුද්ගලයින්ට ප්‍රමුඛස්තානය හිමිවිය යුතුයි. 

නමුත් සමස්ත ලෝකයම අන්තර්ජාලය හා සම්බන්ද කිරීමට, PayPal, SpaceX හා Tesla Motors නිර්මාතෘ “Elon Musk” දරන ප්‍රයත්නයත් සමග ඉහත සදහන් කල ලැයිස්තුවට ඔහුගේ නමත් දැන් එක්කල හැකියි.

Elon Musk මෙම ව්‍යාපෘතිය සදහා ඇමෙරිකානු ඩොලර් බිලියන දහයක් ආයෝජනය කර ඇති අතර අන්තර්ජාලය සම්ප්‍රේෂණය කරමින් ලෝකයේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි සැටලයිට් 700 ක් ගුවනේ පිහිටුවීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. එක් සැටලයිට් එකකින් සැතපුම් 750 ක් ආවරණය වනඅතර රාත්තල් 250ක් බ‍රැති මෙම සම්ප්‍රේෂණ උපකරණ රොකට්ටු මගින් ගුවනේ පිහිටුවීමට සැලසුම් කර ඇති අතර, පොලව මතදී සිදුවන වාට වඩා 40%ක වැඩි වේගයකින් මෙම ක්‍රමය ඔස්සේ දත්ත බෙදාහැරිය හැකි බැවින් 1Gbps පමණ වේගයක් ලබාගත හැක්වේයැයි අපේක්ෂා කල හැකියි.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 21 January 2015 16:01