May 02, 2024

බිල් ගේට්ස් මලපහෙන් සෑදු වතුර බොයි (VIDEO)

මයික්‍රෝසොෆ්ට් ආයතනයේ ප්‍රධානියා කව්දැයි ඇසුවවහොත් එහි පිළිතුර 'බිල් ගේට්ස්' කියන එක පරිගණකත් එක්ක වැඩ කරන ඕනම කෙනෙක් දන්න දෙයක්. ඒත්  පසුගිය දිනෙක බිල් ගේට්ස් මිනිස් මලපහ වලින් හදපු වතුර වීදුරුවක් බිව්වා කියලා දන්නවද? ඇත්තෙන්ම ඔව්, ඔහු මෙලෙස මිනිස් මලපහ වලින් හදපු වතුර වීදුරුවක් පානය කර තිබෙන්නේ කාණු ජලය පිරිසිදු කරන Omniprocessor පද්ධතියක් ප්‍රවර්ධනය කිරීම මුලික කරගෙනයි.

කොහොම උනත් Omniprocessor මඟින් මළපහ මඟින් සෑදූ මෙම වතුර වීදුරුව පානය කල බිල් ගේට්ස් කියා සිටියේ තම ජිවිතයේ තමන් පානය කල රසවත්ම වතුර වීදුරුව එය බවයි.

ලෝක සෞඛ්ය සංවිධානයට අනුව ලොවපුරා බිලියන ගණනාවක ජනතාවට පිරිසිදු පානීය ජලය සදහා ප්‍රවේශය නොමැති බව එම අවස්ථාවේදී බිල් ගේට්ස් සදහන් කර තිබෙන අතර ඔහු පානය කල එම වතුර පිලිබදව පැහැදිලි කරමින් ඔහු කියා සිටියේ, එම වතුර සාමන්‍ය වතුර මෙන්ම පිරිසිදු හා රසවත් මෙන්ම ආරක්‍ෂිත බවයි.

Omniprocessor  මඟින් මිනිස් මලපහ මඟින් පානීය ජලය සාදන අයුරු සහ එලෙස සැදූ වතුර වීදුරුවක් බිල්ගෙට්ස් පානය කරන අයුරු පහතින් නරඹන්න

 

Rate this item
(0 votes)