May 02, 2024

ලොව ප්‍රථම ස්ථානයට පත් ලංකාවේ Android App එක

පසුගිය දිනෙක Google ආයතනය මඟින් සංවිධානය කරන ලද Google Business Group Success Stories තරඟයෙන් අවසන් වටයට තේරීපත් වූ ඇන්ඩ්‍රොයිඩ් Mogo Reader App එක රටවල් 56ක තරඟකරුවන් 317ක් අතුරින් ප්‍රථම ස්ථානය ලබාගැනීමට සමත්වූහ.

විමුක්ති ලියනගේ හා ෂමීර වීරසිංහ යන තරුණයින් දෙපළ විසින් පවත්වාගෙන යන Mogo Solution Private Limited සමාගම මීට පෙර Venture Engine තරඟයේ අවසන් වටයට තේරී  පත්වූහ.

කෙසේ වෙතත් අවසන් වටය සඳහා මනාප වටයක් පැවති අතර එම වටයේදී තරඟකරුවන් වෙනුවෙන් Google සමාගම විසින් නිර්මාණය කරන ලද වීඩියෝ පටයට හිමි මනාප ගණන සැලකිල්ලට ගෙන ඇත.

Mogo Reader මඟින් සිදුකෙරුනු ලබන්නේ  දිනපතා පළවන ප්‍රවෘත්ති පහසුවෙන් කියවිය හැකි මෘදුකාංගයක්. එහි විශේෂත්වය නම් ඔබට කැමති පරිදි අවශ්‍ය ප්‍රවෘත්ති පමණක් සොයාබැලිය හැකි වීමයි. 

ඔබ සතුව ඇත්තේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයත් නම් Mogo Reader මෙතිනින් Install කරගන්න

වැඩිවිස්තර http://mogosrilanka.com/mogo-reader/

‍විමුක්ති ලියනගේ හා ෂමීර වීරසිංහ

විමුක්ති ලියනගේ හා ෂමීර වීරසිංහ

එම වීඩියෝව පහතින් 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 23 December 2014 16:33