May 02, 2024

Password අමතකද? මෙන්න Intel, McAfee වෙතින් පිළිතුරක් (VIDEO)

බොහෝ විට  මුරපද නැත්නම් Password මතක තබාගැනීමේ ගැටළුව හැමෝටම තියෙන දෙයක් නමුත් මෙම ගැටළුවට පිළිතුරක් වශයෙන් Intel සමාගම PasswordBox නැමති සේවාව මේ වන විට මිලදී ගෙන තිබෙනවා. 

මෙම සේවාවේ විශේෂත්වය වන්නේ ඔබ ඇතුලුවන වෙබ් අඩවි සහ ගිණුම් සඳහා නැවත ඇතුලත් වීමට අවශ්‍යනම් මුරපදය නැවත Type කිරීමට හෝ remember passwor‍d යෙදීම අවශ්‍ය නොවීමයි. මෙම සේවාව පරිගණකවලට මෙන්ම ස්මාර්ට් දුරකථන සඳහාද යොදාගත හැකියි. 

කෙසේ වෙතත් 2012 වසරේදී ආරම්භ කර ඇති PasswordBox සේවාව මේ වන විට මිලියන 14 කට අධික පිරිසක් බාගතකර  (Download) ඇත. 

PasswordBox ක්‍රියාකරන ආකාරය පහතින් නරඹන්න 

PasswordBox මෙතනින් භාගත කරගන්න https://www.passwordbox.com/

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 02 December 2014 13:04