April 27, 2024

ශ්‍රී ලංකාවට ළඟදීම PAY PAL

ශ්‍රී ලංකාවට ලගදීම  PAY PAL නම් අන්තර්ජාල මුදල් හුවමාරු සේවය හදුන්වා  දෙන බව ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය නීතිඥ  අජිත් පී. පෙරේරා මහතා පැවසිය.

ඒෂියන් මිරර් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසිය.

ශ්‍රී ලංකාවේ සිට PAY PAL මුදල් හුවමාරු සේවාව තුළින් වෙනත් රටවලට මුදල් යැවිය හැකි නමුත් ලංකාවේ නීති වලට අනුව වෙනත් රටවල සිට ලංකාවට PAY PAL හරහා මුදල් එවිය නොහැකිය.

කෙසේවෙතත්, මේ වනවිට සැලසුම් කර තිබෙන්නේ PAY PAL ඔස්සේ ලංකාව තුළටත් මුදල් ගෙන්වා ගැනීම සඳහා අවස්ථාව ලබාදීමටයි.

ලෝකයේ ඉතාමත් ජනප්‍රිය මුදල් හුවමාරු සේවාවක් වන PAY PAL මගින් ලංකාවට මුදල් ගෙන්වා ගැනීමේ අවස්ථාව ලබාදීම තුළින් විදේශ රටවලට සේවා සපයන පුද්ගලයින්ට විශාල අවස්ථාවක් ලැබෙන අතර එම කර්මාන්ත වඩාත් වර්ධනය වීමට එය අනුබලයක් වනු ඇත.

උදාහරණයක් ලෙස ඇමරිකාව, වියට්නාමය වැනි රටවල පිරිස් මෙම සේවාව භාවිතා කරමින් ebay.com වැනි වෙබ් අඩවි හරහා භාණ්ඩ විකිණීම මෙන්ම අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා විකිණීමේ විවිධ වූ ව්‍යාපාරික කටයුතු සිදුකරයි

Rate this item
(0 votes)