April 26, 2024

ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් කණ්ඩායමක් මෙරටට

ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හි මොරෙටෝ ක්‍රිකට් කණ්ඩායම 18වැනි දා ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය හමුවිය.

එම ක්‍රිකට් කණ්ඩායම වාර්ෂිකව ශ්‍රී ලංකාවේ පාසල් ළමුන් සහ ක්‍රීඩා සමාජ අතර පවත්වන ක්‍රිකට් තරගාවලිය 13 වන වරටත් මෙවර ද සංවිධානය කර තිබුණි. තරගාවලිය නිමකර දිවයිනෙන් පිටත්ව යාමට පෙර එම ක්‍රිකට් කණ්ඩායම හා ජනපති ආර්යාව අතර මේ හමුව පැවැත්විණි.

මොරෙටෝ ක්‍රිකට් කණ්ඩායමේ සභාපති බාබා සයුර්ජොහ් (Baba Saurjoh) මහතා ඇතුළු සාමාජිකයන් මීට එක්ව සිටියහ.

මෙරට දරුවන්ගේ සුබසාධනය උදෙසා ජනාධිපති ආර්යාව ගෙන යන වැඩපිළිවෙළ අගය කළ මේ පිරිස කාල්ටන් සුවඋදාන වැඩසටහන සඳහා මුදල් පරිත්‍යාගයක් ද සිදු කළහ.

ක්‍රිකට් කණ්ඩායම වෙත සමරු තිළිණ ප්‍රදානය කිරීම ද එතුමිය අතින් සිදු විය.

Rate this item
(0 votes)