April 27, 2024

දෘශ්‍යාබාධිතවූවන්ගේ එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹේ

ශ්‍රී ලංකා  ඔස්ට්‍රේලියා දෘශ්‍යාබාධිතවූවන්ගේ කණ්ඩායම් අතර පවත්වන  එක්දින ක්‍රිකට් තරගාවලිය අද  පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් ආරම්භ වෙයි .එක්දින තරග 5කින් මෙම තරගාවලිය සමන්විතය .තරගාවලියේ දෙවැනි තරගය 19දා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ද තෙවැනි තරගය20වන දා මග්ගොන සරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ද පැවැත්වීමට නියමිතය .සිව්වැනි හා පස්වැනි තරග ලබන 22 හා 25 දිනවල කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ද පැවැත්වේ. ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිතවූවන්ගේ ක්‍රිකට් පිලේ ක්‍රීඩකයන් හතර දෙනෙකුම  මානුෂික මෙහෙයුමේදී ආබාධවලට ලක්වූවන්වීම විශේෂත්වයකි.

Rate this item
(0 votes)