April 27, 2024

ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ඉතිහාසයේ වැඩිම මුදල පිරිනැමේ

විස්සයි 20 ලෝක ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් ක්‍රීඩකයකු සඳහා රුපියල් ලක්ෂ 250ක පමණ මුදලක් හිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

එදා සිට අද දක්වා කාලය තුළ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එකවර පිරිනමන වැඩිම මුදල ලෙස මෙය ඉතිහාසගත වේ.

විස්සයි 20 ලෝක ක්‍රිකට් ජයග්‍රහණයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා ජගත් ක්‍රිකට් කවුන්සිලය ප්‍රදානය කෙරෙන ත්‍යාග මුදල් ප්‍රමාණය තරගාවලියට එක් වූ ක්‍රීඩකයන් 15ක් අතරේ සමානුපාතිකව බෙදාදීමට පියවර ගෙන තිබේ.

ලෝක කුසලාන ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට හිමිවන සමස්ත ත්‍යාග මුදලේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 2.8ක් පමණ වේ.

Rate this item
(0 votes)