April 27, 2024

ජනපති ලේකම් කාර්යාලීය බක්මහ උළෙල නවවැනි වරටත්

09වැනි වරටත් පවත්වන ලද ජනාධිපති ලේකම් කාර්යාලීය බක්මහ උළෙල ඊයේ (05) දින බම්බලපිටිය පොලිස් ක්‍රිඩාංගනයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හා ජනාධිපති ආර්යා ශිරාන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 

සිංහල ජන ක්‍රීඩා හා සංස්කෘතික අංගයන්ට මුල්තැන දෙමින් සංවිධානය කර තිබූ මෙම බක්මහ උළෙල සඳහා ජනාධිපති ලේකම් කාර්යාලීය නිළධාරීන්, හා ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ද සහභාගිවී සිටියහ.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ලලිත් විරතුංග මහතා ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානි ගාමිණි සෙනරත් මහතා, ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලුතිතන් ජෙනරල් ජගත් ජයසුරිය මහතා, යුධ හමුදා ප්‍රධානි ලුතිතන් ජෙනරල් දයා රත්නායක මහතා, පොලිස්පති එන්.කේ ඉලංගකොන් මහතා ඇතුලු සම්භාවනීය පිරිසක් සහභාගි විය.

Rate this item
(0 votes)