May 16, 2024

වොරියර්ස් කුසලානයට කණ්ඩායම් 10ක්

ලබන මස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත ආසියා කුසලාන සත් සාමාජික රග්බි තරඟාවලියට ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනීම  අරමුණින්යතුව ශ්‍රී ලංකා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව එක්ව සංවිධාන කරනු ලබන වොරියර්ස් කුසලාන අන්තර් සමාජ සත් සාමාජික ආරාධිත රග්බි තරඟාවලිය මේ මස 30 සහ 31 දෙදින බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

ඩයලොග් ආසියාටා අනුග්‍රාහකත්වය යටතේ පැවැත්වෙන වොරියර්ස් කුසලාන තරඟාවලියට කණ්ඩායම් 10ක් තරඟ වදිනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව, යුද හමුදාව, ගුවන් හමුදාව සහ පොලිස් ක්‍රීඩා සමාජය කණ්ඩායම් 2 බැගින් තරඟාවලියට ඇතුළත් කර ඇති අතර, හැව්ලොක්ස් සහ සීඑච් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම් ද තරඟ බිමට එක් වනවා.

කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ පැවැත්වෙන මේ තරගාවලියට ක්‍රීඩාලෝලීන්ට සහභාගි වීමට අවසර නැති අතර, සුප්‍රීම් ටීවී ඔස්සේ තරඟාවලිය සජීවිව නැරැඹීමට අවස්ථාව උදාකර දී තිබෙනවා. මීට අමතරව ඩයලොග් රූපවාහිනි 21 නාලිකාව ඔස්සේ ද තරඟ නැරැඹීමට අවස්ථාව සලසා තිබෙනවා.

Rate this item
(0 votes)