April 27, 2024

ආනන්ද විදුහල් පළමු ඉනිම 170 යි

කොළඹ ආනන්ද විදුහල සහ නාලන්දා විදුහල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන 85 වැනි ‘සුලෝහිත සංග‍්‍රාමය’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගයේ පළමු දිනය වන ඊ යේ  (04) පස්වරුවේ අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරග අත්හිටුවන විට නාලන්දා විදුහල පළමු ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණක් ලබා සිටියේය.

ආනන්ද විදුහල පළමු ඉනිම ලකුණු 170 කට සීමා කිරීමට නාලන්දා විදුහල් පන්දු යවන්නෝ සමත් වූහ.නාලන්දා විදුහල් නායක වොෂාන්ත සිල්වා කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට ආනන්ද විදුහලට බාර කළේය.

අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් පස්වරු 3.00 කට පමණ තරගය තාවකාලිකව අත්හිටුවූ අතර පසුව වර්ෂාව ඇඳ හැළීම නිසා පළමු දිනයේ ක‍්‍රීඩාව අවසන් කළේය.

ආනන්ද විදුහල පළමු ඉනිම ඕවර 55.3 කදී සියලූ දෙනා දැවී 170 (ලක්කන ජයසේකර 36, කුෂිල් පෙරේරා 23, සහන් ආරච්චිගේ 40, දසුන් විජේසිංහ 21, අනුත්තර මාධව 32/4, කවිඳු බණ්ඩාර 19/2, ප‍්‍රමුද් හෙට්ටිවත්ත 38/2)

නාලන්දා විදුහල ඕවර 2 කදී කිසිවකු නොදැවී 01

(සුදේශ් කරුණාතිලක )

Rate this item
(0 votes)
Last modified on Saturday, 05 April 2014 09:55