පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගය පෙරේදා රාත්රියේ දී නිමා වූවා.
ඒ, නැමීබියාවට එරෙහිව ශ්රී ලංකාව කඩුළු 07ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්.
මේ අතර නැමීබියානු ඉනිම ක්රියාත්මකවන අතරතුර ශ්රී ලංකා නායක දසුන් ශානක විසින් රැකගත් උඩපන්දුවක් වෙත බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා.
නැමීබියාවේ කඩුළු 07ක් දැවී තිබිය දී රූබන් ට්රම්පෙල්මන් එල්ල කළ පහර උඩ පන්දුවක් බවට පත් වූ අතර සැවොම සිතුවේ එය කිසිවෙකුට රැකගත නොහැකිව බිමට පතිත වේවියි කියා යි.
කෙසේ වෙතත් එම ස්ථානයට දිව ආ දසුන් ශානක තනි අතින් එය රැකගත්තේ ප්රේක්ෂකයින් මෙන්ම තරගයේ විස්තර විචාරකයින් පවා මවිතයට පත් කරවමින්.
දසුන්ගේ මෙම දස්කම මේවන විට අන්තර්ජාලය තුළ දැඩි පැසසුමට ද ලක්ව තිබෙනවා.
අදාළ අවස්ථාව දැක්වෙන වීඩියෝව පහතින්..