May 19, 2024

හැමෝම හොයපු ශ්‍රී ලංකා, බංග්ලාදේශ පුහුණු තරඟයේ ප්‍රතිඵල මෙන්න

ලෝක කුසලාන T20 තරඟාවලියට සමගාමීව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන විස්සයි විස්ස පුහුණු තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරඟයක් ඊයේ (12) දිනයේ පැවැත්වුණා.

ටොලරෙන්ස් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට බංග්ලාදේශ කණ්ඩායම තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුළු 07ක් දැවී ලකුණු 147ක් ලබාගත්තා.

එහිදී බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වුණේ සෞම්‍ය සර්කාර් වන අතර ඔහු පන්දු 26කදී ලකුණු 34ක් රැස්කර ගන්නේ හයේ පහර 2ක් සහ එක් හතරේ පහරක් සමඟයි.

බංග්ලාදේශ ඉනිමේ ලකුණු සටහන පහතින්,

පන්දු යැවිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රධාන වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමිර විසින් ලකුණු 27ක් තුළ කඩුළු 04ක් දවා ගැනීමට සමත්වුණා.

ශ්‍රී ලංකා පන්දු යවන්නගේ පන්දු යැවීමේ සටහන පහතින්,

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම 19 වැනි පන්දුවාරයේ දී සිය ඉලක්කය හඹා යෑමට සමත්වූණා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට පත්වුණේ අවිශ්ක ප්‍රනාන්දු වන අතර ඔහු පන්දු 42ක් තුළ හයේ පහර 3ක් සහ හතරේ පහර 2ක් සමඟ ලකුණු 62ක් රැස් කරගැනීමට සමත්වුණා.

ඔහුට අනගි සහයක් ලබාදුන් චාමික කරුණාරත්න පන්දු 25ක් තුළ ලකුණු 29ක් ලබාගැනීමට සමත්වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණු තරගයේ දී අන්ත පරාජයක් අත්වීමට ගියත් අවිශ්ක සහ චාමික එක්ව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට සමත්වුණා.

ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සටහන පහතින්,

පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් සෞම්‍ය සර්කර් නැවත වරක් ක්‍රියාත්මක වුණු අතර ඔහු ලකුණු 12කට කඩුළු 2ක් බිඳ දැමීමට සමත්වුණා.

බංග්ලාදේශ පන්දු යැවීමේ සටහන පහතින්,

Rate this item
(0 votes)
Last modified on Wednesday, 13 October 2021 09:54