May 20, 2024

තරගයේ අඩක් අවසන්! ශ්‍රී ලංකාවට නොසිතූ ඉලක්කයක්!

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සහ අවසාන තරගය මේවන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායක දසුන් ශානක විසින් දිනාගත් අතර ඔහු තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමට යි.

ඒ අනුව පිටියට පිවිසි ඕමාන පිතිකරුවන් ශ්‍රී ලංකා කණ්ඩායමට නොසිතූ අභියෝගයක් එල්ල කළේ නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුළු 08ක් දැවී ලකුණු 159ක් ලබා ගනිමින්.

තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන් හට ලකුණු 160ක ඉලක්කයක් ලැබී තිබෙනවා.

ඕමාන ඉනිමෙහි වැඩිම ලකුණු ලාභියා වූ ආකිබ් ඉල්යාස් මනරම් පිතිහරඹයක නිරත වූ අතර අර්ධ ශතකයක් ද වාර්තා කළ ඔහු පන්දු 38ක් පමණක් වැය කරමින් රැස් කළ ලකුණු ගණන 60ක්. 

ඔහුගේ ඉනිමට හතරේ පහර 03ක් සහ හයේ පහර 04ක් අන්තර්ගත වූවා.

කාෂ්යප් කුමාර් ලකුණු 22ක් ද, අයාන් ඛාන් ලකුණු 20ක් ද ලබාගත්තා.

පන්දු රැකීමේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ දුර්වලකම් විශේෂයෙන් කැපී පෙණුනු අතර උඩපන්දු රැසක්ම ඔවුන්ගෙන් මගහැරී ගියේ ඕමාන කණ්ඩායම අඩු ලකුණූ ගණනකට සීමා කිරීමට තිබූ අවස්ථාව අහිමි කරගනිමින්.

ඕමාන පිතිකරුවන්ගේ ක්‍රීඩා විලාශය දුටු තරගයේ විස්තර විචාරකයින් අනාවැකි පළ කළේ ඔවුන් මෑතදීම ප්‍රබල ක්‍රිකට් කණ්ඩායම්වලට පවා අභියෝග කරන කණ්ඩායමක් බවට පත්වනු ඇති බවට යි.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම තවත් ස්වල්ප මොහොතකින් ඇරඹීමට නියමිත යි.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 09 October 2021 21:58