ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කියූ සැනින් එකපාරටම සිහියට එන්නේ ඉන්දියාවේ දී පැවති ලෙජන්ඩ්ස් කුසලාන තරගාවලියයි. එහිදී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම දැක්වූ දස්කම් නිසා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම පිළිබඳව ක්‍රිකට් ලෝලීන් අතර දැඩිව කතාබහට ලක්වුණා. මේ අතර ජගත් ලෙජන්ඩ්ස් ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තුන් දෙනෙකු නම් කර තිබෙන බවට ආරංචි මාර්ග පවසනවා.
ශ්‍රී ලංකා හිටපු නායකයෙකු සහ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක, තුන් ඉරියව් ක්‍රීඩක තිලකරත්න දිල්ෂාන්, දක්ෂ ආරම්භක පිතිකරුවෙකු වූ උපුල් තරංග සහ නුවන් කුලසේකර නම් කර ඇති ක්‍රීඩකයින් තිදෙනයි.
මෙම ලෝක ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායකත්වය ඉන්දියානු සුපිරි පිතිකරු සචින් තෙන්දුල්කාර්ට හිමි වී තිබෙනවා. මෙම කණ්ඩායම් අංක 3 පිතිකරු ලෙස තිලකරත්න දිල්ෂාන්වත් අංක 6 පිතිකරු සහ කඩුලු රකින්නා ලෙස උපුල් තරංගවත් ස්ථානගත කර තිබෙනවා. නුවන් කුලසේකර නම් කර ඇත්තේ අතිරේක ක්‍රීඩකයකු ලෙසයි. මෙම කණ්ඩායමට එක්වූ ඩ්වේන් ස්මිත්, යූසුෆ් පතාන්, මකායා නිටිනි සහ මුන්නාෆ් පටෙල් විස්ඩන් කණ්ඩායමට එක් කර නැති අතර, ඒ වෙනුවට බ්‍රයන් ලාරා, ටිනෝ බෙස්ට්, සුලේමාන් බෙන් නම් කොට තිබෙනවා.