May 18, 2024

මොයින් අලී ටෙස්ට් පිටියට සමුදෙයි

September 28, 2021

එංගලන්ත ක්‍රිකට් පිලේ තුන්ඉරියව් ක්‍රීඩක මොයින් අලි ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කළා. ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගියද 34 හැවිරිදි මොයින් අලී තව දුරටත් එක්දින හා විස්සයි 20 තරඟ සඳහා එංගලන්ත පිල සිය දායකත්වය ලබාදීමට අදහස් කර තිබෙන බවයි වාර්තාවන්නේ.

"මට දැන් අවුරුදු 34යි. හැකිතාක් කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවිමටයි මගේ කැමැත්ත. ටෙස්ට් ක්‍රිකට් කියන්නේ විස්මයජනක ක්‍රීඩාවක්. ඒක ක්‍රිකට් ක්‍රීඩාවේ හැම මුහුණුවරකටම වඩා රසවත්" ටෙස්ට් පිටියට සමු දෙමින් මොයින් අලී පවසා සිටියා.

මොයින් අලීගේ ප්‍රථම ටෙස් තරඟය වුණේ 2014 වසරේ ශ්‍රී ලංකාවට එරෙහිව ලෝඩ්ස් පිටියේදී පැවති තරඟයයි. මොයින් අලි ටෙස්ට් තරග 64කදී ලකුණු 2914ක් රැස් කිරීමට සහ කඩුලු 195ක් දවාලීමට සමත් වුණා. ඔහු ටෙස්ට් පිටියෙන් සමුගන්නේ ටෙස්ට් ලකුණු 3000ක් සහ කඩුලු 200ක් සම්පූර්ණ කළ ලොව 15 වැනි ක්‍රීඩකයා බවට පත්වීමට ආසන්නව තිබියදී වීම විශේෂත්වයක්.

Rate this item
(0 votes)