May 18, 2024

දකුණු අප්‍රිකාවට පැනවූ ක්‍රිකට් තහනම

September 07, 2021

දකුණු අප්‍රිකාව කියන්නේ ඉතාම ශක්තිමත් රටක්. ලෝක පූජිත ක්‍රීඩකයන් රැසක් බිහි කරපු දකුණු අප්‍රිකාවට කාලයක් ක්‍රිකට් තහනම් වෙලා තිබුණා. 1970 ඉඳන් 1991 වෙනකන් අවුරුදු 21 දකුණු අප්‍රිකාවට ක්‍රිකට් තහනම් වුණේ ඇයි?

දකුණු අප්‍රිකාව කියන්නේ මිලියන 60ක් පමණ ජනගහණයක් ජීවත් වන විශාල රටක්. කොහොම වුණත් මේ මිලියන 60ක ජනගහනයෙන් සියයට අසූවක්ම කළු ජාතිකයන් වෙනවා. දකුණු අප්‍රිකා කණ්ඩායම දිහා බැලුවහම ගොඩක් වෙලාවට වැඩියෙන්ම ඉන්නෙ සුදු ජාතිකයන්. ඒ වගේම ක්‍රිකට් තරඟ බලන්න වැඩියෙන්ම එන්නෙත් සුදු ජාතිකයන්. ඒකට ප්‍රධානම හේතුවක් තමයි දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් ගොඩක්ම ජනප්‍රිය සුදු ජාතිකයන් අතර වීමයි.

ඒ වගේම තමයි ලංකාව, ඉන්දියාව, පාකිස්තානය වගේ රටවල් වල එකම ජනප්‍රිය ක්‍රීඩාව ක්‍රිකට් වුණාට දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය වගේ රටවල් වල ෆුට්බෝල්, රගර් වැනි ක්‍රීඩා ඉතාම ජනප්‍රියයි. දකුණු අප්‍රිකාව ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරඟයකට වත් ඇවිල්ලා නැති වුණාට ඔවුන් රග්බි ලෝක කුසලාන තුනක් දිනාගෙන තියෙනවා.

1889 දී එංගලන්තය සමග තමන්ගේ පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කරමින් දකුණු අප්‍රිකාව ජාත්‍යන්තර ක්‍රිකට් පිහිට ඇතුලත් වෙනවා. මේ වෙනකොට ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය විතරයි ජාත්‍යන්තර තරඟ පවත්වමින් සිටියේ. දකුණු අප්‍රිකාව තුන්වැනි තැනට ටෙස්ට් වරම් හිමි කර ගත්ත රට විදිහට ඉතිහාසගත වුණා. මේ විදියට ක්‍රීඩා කරගෙන ආපු දකුණු අප්‍රිකා කණ්ඩායමට 1970දී ක්‍රිකට් තහනම් වීමට ප්‍රධානම හේතුවක් වෙන්නේ ඒ රටේ පැවති වර්ණභේදවාදයයි.

1970 වෙන්කොට තවත් රටවල් බොහොමයක් ක්‍රිකට් ක්‍රීඩා කරන්න එකතුවෙලා සිටියා. එවකට දකුණු අප්රිකා‍රිකාවේ තිබුණු සුදු ජාතිකයන්ගෙන් සමන්විත රජය විසින් දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සම්බන්ධයෙන් අමුතු නීතියක් ගෙනාවා. මේ නීතියට අනුව දකුණු අප්‍රිකාවට කණ්ඩායමට ක්‍රීඩා කරන්න පුළුවන් සම්පූර්ණයෙන්ම සුදු ජාතිකයන් සිටින කණ්ඩායම් සමඟ පමණයි. මේ අනුව ඔවුන්ට ක්‍රීඩා කරන්න පුළුවන් වුණේ, ඕස්ට්‍රේලියාව, එංගලන්තය හා නවසීලන්තය සමඟ විතරයි. මෙය ඉතාම වර්ගවාදී හා ජාතිවාදී තීරණයක් නිසා විශාල විරෝධයක් මේ තීරණයට විරුද්ධව ලෝකේ හැම පැත්තෙන්ම ආවා. මේ හේතුව නිසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට 1970දී දකුණු අප්‍රිකාවට ක්‍රිකට් තහනම් කිරීමට සිදුවුණා.

දකුණු අප්‍රිකාවේ වර්ණභේද වාදී ගැටළු අවසන් වෙනකම්ම මේ ක්‍රිකට් තහනම අවුරුදු විසි එකක් තිස්සේ පැවැතුණා.1991 දී තමයි දකුණු අප්‍රිකාවට මේ තහනමින් ඉවත් වෙන්න හැකි වෙන්නේ. එක්දින ක්‍රිකට් ලෝක කුසලානය 1975 දී ආරම්භ වුණත් දකුණු අප්‍රිකාවට මුලින්ම මේ ලෝක කුසලානයට ක්‍රීඩා කරන්න පුළුවන් වෙන්නේ 1992 පැවැත්වුණු ක්‍රිකට් ලෝක කුසලානයටයි. ඕස්ට්‍රේලියාවේදී  දී හා නවසිලන්තයේ දී පැවැත්වුණු මේ ලෝක කුසලාන semi final දක්වා පැමිණෙන්න දකුණු අප්‍රිකාවට හැකිවෙනවා. දකුණු අප්‍රිකාවට මේ තරඟ තහනම පැවති කාලයේ රටවල් කිහිපයක කණ්ඩායම් දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් තරඟ සදහා එකතු වෙනවා. නමුත් මේ තරඟ නීත්‍යානුකූල විදියට අයි සී සී ය පිළිගන්නේ නෑ. ඒ වගේම ඒ තරඟ සඳහා ඉදිරිපත් වූ සමහර ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර තරඟ තහනම් පවා අදාල රටවල්වල ක්‍රිකට් ආයතන මඟින් පනවන්නට කටයුතු කළා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 09 September 2021 00:05