May 20, 2024

දසුන් ට නායකත්වය ලැබෙද්දී DDS ටත් නව වගකීමක්

මෙරට ක්‍රිකට් ලෝලීන්ට ගැටලුවක් ව තිබූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (07) දිනයේ පියවර ගත්තා. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් සීමිත පන්දුවාර තරඟ රටාවේ නායකත්වය මේ වන විටත් දසුන් ශානක වෙත හිමිව තිබෙනවා. 

මේ අතර උප නායකයා ලෙස කටයුතු කළ කුසල් මෙන්ඩිස් විසින් විනය කඩ කිරීම සහ එංගලන්ත සංචාරය අතර ජෛව බුබුල නීතිය උල්ලංඝනය කිරීම සහ පෙර වැරැදි සැලැකිල්ලට ගනිමින් ඔහු සම්බනධයෙන් විනය පරික්ෂණයක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර සියලු තරඟ රටාවන් සඳහා තරඟ තහනමක් ද පනවා තිබෙනවා.

ඒ නිසාම කුසල් මෙන්ඩිස් හටද ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකත්වයේ වගකීම අහිමි වී ගොස් තිබෙනවා.

දසුන් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් සීමිත පන්දුවාර රටාවේ තරඟවල උප නායකත්වය මේ වන විට “DDS” හෙවත් ධනංජය ද සිල්වා හට හිමිව තිබෙනවා.

මීට පෙර ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කර තිබුණේ ධනංජය ද සිල්වා හට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමිවනු ඇති බවයි. කෙසේ වෙතත් ඒ වෙනුවට ධනංජය හට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායකත්වය හිමිව තිබෙනවා.

ඒ අනුව ඉදිරි ඉදිරි තරඟාවලියන් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයන් දෙදෙනෙකු අතට හිමිව තිබෙනවා.

පසුගිය කාලය පුරාවට කෝපයෙන් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් ද මෙම තීරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිය සතුට ප්‍රකාශ කරමින් සිටින ආකාරය ද දැකගත හැකියි.

Rate this item
(2 votes)