May 06, 2024

"මාව නිදහස් කරන්න" - මැතිව්ස් ඉල්ලයි

නැවත දැනුම් දෙන තුරු ජාතික කණ්ඩායමේ රාජකාරීවලින් තමන්ව නිදහස් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායකයෙකුවන ඇන්ජලෝ මැතිව්ස් ඉල්ලා තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරමින්.

පෞද්ගලික හේතුවක් මත මෙම ඉල්ලීම සිදුකරන බවයි මැතිව්ස් පවසා ඇත්තේ.

ඇන්ජලෝ මැතිව්ස් හැර, ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියට සහභාගී කරවීම සඳහා තේරීම් කමිටුවේ අවධානය යොමු වී ඇති අනෙක් සියලු ක්‍රීඩකයින් 29 දෙනාම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් කළ වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන පන්දුවාර 20 විස්ස සහ එක්දින තරගාවලිය ලබන 13 වැනි දා ආරම්භ වීමට නියමිත යි.

දිවාරාත්‍රී තරගයක් ලෙස කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන එක්දින තරගයකින් මෙම තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇති බව සඳහන්.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 07 July 2021 20:24