May 18, 2024

හැමෝම බණින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් ලෝක වාර්තාවක්

එංගලන්ත තරග සංචාරයේ දෙවැනි එක්දින තරගය අවසන් වීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක වාර්තාවක් තබා තිබෙනවා.

ඒ ලෝක එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම තරග සංඛ්‍යාවක් පරාජයට පත්වූ රට බවට පත් වෙමින්.

මෙම තරගාවලියේ දෙවැනි එක්දින තරගය ශ්‍රී ලංකාව මුහුණ දුන් 860 ලෙස ඉතිහාස පොත් අතරට එක් වූවා.

එම තරගය පරාජය වීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ඇති එක් දින තරග පරාජයන් ගණන 428ක්.

ශ්‍රී ලංකාව සහභාගී වී ඇති තරගවලින් 05ක් ජය පරාජයකින් තොරවත්, තවත් තරග 37ක් කිසිදු ප්‍රතිඵලයකින් තොරවත් අවසන් වී තිබෙනවා.

ලෝක එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වැඩියෙන්ම පරාජයට පත්වූ කණ්ඩායම් අතර පළමු තැන ශ්‍රී ලංකාවට මෙලෙස හිමි වෙද්දී එහි දෙවන ස්ථානයේ රැඳී සිටින්නේ ඉන්දියාව යි.

ඉන්දියාව එක්දින ජාත්‍යන්තර තරග 993කට සහභාගි වී ඇති අතර, තරග 427ක් පරාජයට පත්ව ඇති බව සඳහන්.

එංගලන්ත සංචාරයේ දෙවැනි එක්දින තරගය පසුගිය දා ශ්‍රී ලංකාව පරාජය වීමට පෙර එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ වැඩියෙන්ම පරාජයට පත්වූ එක්දින කණ්ඩායම ‌බවට පත්ව සිටියේ ඉන්දීය කණ්ඩායම යි.

වැඩිම පාරජයන් ලබා ඇති තෙවැනි කණ්ඩායමවන පාකිස්තානය තරග 933කින් තරග 414ක් පරාජයට පත්ව තිබෙනවා.

එමෙන්ම එක්දින ජාත්‍යන්තර තරග 828කින් තරග 384ක් පරාජයට පත්වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිව්වැනි ස්ථානයේ පසුවනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 03 July 2021 12:27