May 05, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රබලයෙකු බංග්ලාදේශ කණ්ඩායම හා එක්වෙයි

මුත්තයියා මුරලිදරන්ගෙන් පසු මෙරටින් බිහි වූ දක්ෂතම දඟ පන්දු යවන්නා ලෙස හැඳින්විය හැකි ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් විදෙස් රටක පුහුණුකරුවෙකු ලෙස තෝරාගෙන ඇති බව ජාත්‍යන්තර ක්‍රීඩා පුවත් වෙබ් අඩවි වාර්තා කොට තිබෙනවා.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු ලෙස ඔහු තෝරාගැනීමට නියමිත බව යි එම වාර්තා තුළ දැක්වෙන්නේ.

නවසීලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඩැනියල් විටෝරි මීට පෙර එම තනතුරේ කටයුතු කළ අතර ඔහු ඉවත් කර රංගන හේරත් එම තනතුරට පත් කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සූදානම්වන බව සඳහන්.

මේ අතර මේ සම්බන්ධයෙන් මෙරට ක්‍රීඩා වෙබ් අඩවියක් වෙත අදහස් දක්වමින් රංගන හේරත් තහවුරු කර ඇත්තේ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සහ තමන් අතර මෙම පුහුණුකරු ධූරය සඳහා අදාළ සාකච්ඡා වට කිහිපයක්ම පැවති බව යි.

ක්‍රිකට් පුහුණුකරුවෙකු වීම සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් අතර ඇති දෙවැනි මට්ටමේ විභාගය (Level 2 Coaching Exams) සමත් වීමට රංගන 2018 වසරේ ඔක්තෝම්බර් මාසයේ දී සමත් වුණා.

කෙසේ වෙතත් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තවමත් මේ පිළිබඳව නිල නිවේදනයක් නිකුත් කර නැහැ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 01 June 2021 08:44