May 18, 2024

මුරලිගේ 800 අශ්වින් ගනීද?

ලොව අංක එකේ පිට දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුර්ලිදරන් සතු ටෙස්ට් ක්‍රිකට් කඩුළු 800 ලෝක වාර්තාවට හිමිකම් කීමට ඉන්දියානු පිට දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් ට හැකිවනු ඇතැයි හිටපු ඔස්ට්‍රේලියානු දඟ පන්දු යවන්නෙකු වන බ්‍රැඩ් හොග් පවසා ඇත.එසේම රවිචන්ද්‍රන් අශ්වින් තවත් වසර අටක් පමණ ටෙස්ට් ක්‍රීඩාවෙන් නියැළෙනු ඇති බවට ඔහු මතයක් පළ කර ඇත. මේ වන විට 34 හැවිරිදි අශ්වින් ටෙස්ට් කඩුලු 409 ක් බිඳ හෙලා තිබෙනවා. ඒ තරග 78 කදී.

"අශ්වින්ට තවම වයස අවුරුදු 34යි. මම හිතනවා ඔහු අවුරුදු හතළිස් දෙකක් වෙනකන් විතර ක්‍රීඩා කරාවි කියලා. ඒ වෙනකොට ඔහුගේ පන්දුවට පහරදීම හොඳින් නොතිබෙන්න පුළුවන්. ඒත් ඔහු පන්දු යවන්නෙක් විදිහට අනිවාර්යෙන්ම සාර්ථක වේවි. අනිවාර්යෙන්ම ඔහු ඒ කාලය තුළ දී කඩුලු 600 ඉක්මවා ගන්න ලබා ගනීවි. සමහර විට ඔහුට මුත්තයියා මුල්ලිදරන් සතුව තිබෙන කඩුලු 800 වාර්තාව ද බිඳ හෙලීමට ද අවස්ථාවක් තියෙනවා. මම එහෙම කියන්නෙ නිකං නෙමෙයි. රවිචන්ද්‍රන් අශ්වින්ට ඉතා විශාල උනන්දුවක් තිබෙනවා තිබෙන ක්‍රීඩකයෙක්. ඔහු දිනෙන් දින දියුණුවෙමින් අලුත් දේවල් ඉගෙන ගන්න ක්‍රීඩකයෙක්" යනුවෙන් බ්‍රැඩ් හොග් වැඩිදුරටත් සඳහන් කර තිබේ. එසේම වර්තමානයේ සිටින හොඳම පිට දඟ පන්දු යවන්නා රවිචන්ද්‍රන් අශ්වින් බවද බ්‍රැඩ් හොග් අනාවරණය කර සිටියේය.

අශ්වින් එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩා කරල විශේෂ අත්දැකීමක් තිබෙන ක්‍රීඩකයෙක්. ඒකත් ඔහුට රුකුලක් වුණා සාර්ථක වෙන්න. නිසැකවම අශ්වින් තමයි වර්තමානයේ සිටින හොඳම පිටදඟ පන්දු යවන්නා. කෙසේ නමුත් වර්තමාන ක්‍රිකට් නීති හා රෙගුලාසි වෙනස් වීම නිසා ඔහුට මෙතෙක් බිහිවුනු විශිෂ්ටම දඟපන්දු යවන්නා වෙන්න තරමක් අපහසු වෙයි කියලා හිතෙනවා. මේ වන විට ටෙස්ට් කඩුලු 409 ලබා ඇති අශ්වින් මෙතෙක් ලොව පහලොස්වන වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා වන අතර තවත් කඩුලු 26 ක් දවාගැනීම්න් පසු අශ්වින් ලොව 9 වැනි වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා වනු ඇත.

මුත්තයියා මුරලිදරන් ක්‍රීඩා දිවියෙන් සමුගන්නාවිට තරංඟ 133 කදී කඩුළු 800 යි.

රවිචන්ද්‍රන් අශ්වින් තරඟ 78 කඩුළු 409 යි.

Rate this item
(0 votes)
Last modified on Friday, 28 May 2021 11:28