May 08, 2024

ආසියාවේ මහා කී‍්‍රඩා මංගල්‍යය අද ආරම්භ වේ‍

September 19, 2014
ආසියානු කී‍්‍රඩා උළෙල අද ආරම්භ වේ. මෙවර කී‍්‍රඩා උළෙල පැවැත්වෙන්නේ 17 වන වරටයි. දකුණු කොරියාව තරගාවලියේ සත්කාරකත්වය දරනවා. ශී‍්‍ර ලංකාව ඇතුළුව තරගාවලියට සහභාගි වන රටවල් සංඛ්‍යාව 45 ක්. තරග 36 ක් යටතේ ඉසව් 439 ක් තරගාවලියට ඇතුළත්. ඒ වෙනුවෙන් තරග වැදීමට සුදුසුකම් ලබා ඇති කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සංඛ්‍යාව දස දහසකට අධිකයි.
 
 
ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 80 ක් සහ නිලධාරීන් 31 ක් තරගාවලියට සහභාගි වනවා.   ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ බර ඉසිලීමේ ශූර චින්තක ගීතාල් විදානගේ විසින්. දකුණු කොරියාවේ ඉන්චි ඕන් කී‍්‍රඩාංගණය කේන්‍ද්‍ර කර ගනිමින් අද ආරම්භ වන තරගය අවසන් වන්නේ ඔක්තෝම්බර් මස 4 වනදායි. තරගාවලිය වෙනුවෙන් කොරියානු රජය වැය කිරීමට අපේක්‍ෂිත මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 1.62ක්.
 
 
තරගාවලියේ සමාරම්භක උළෙල ශී‍්‍ර ලංකා වේලාවෙන් අද පස්වරු 2.30 ට පමණ ආරම්භ වනවා. ඊට ආසියාවේ ඉතිහාසය, සයුර සමග කරන ගණුදෙනුව, ආසියානු මිතුරන් සහ සංස්කෘතිය යන තේමා 4 ඔස්සේ විචිත‍්‍රවත් අංග රැසක් ඉදිරිපත් කිරීමටයි සැලසුම් කර ඇත්තේ. 
 
 
Rate this item
(0 votes)