April 26, 2024

ආසියානු ක්‍රීඩා උළෙල හෙට ඇරඹේ

September 18, 2014

මෙවර ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් 19 සිට ඔක්තෝබර් 04 වන දින දක්වා දින 16ක් පුරා දකුණු කොරියාවේ, ඉන්චියෝන් නුවර දී පැවැත්වීමට නියමිතය.

17 වන වරට පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලට සත්කාරක රටවල් 45ක ක්‍රීඩික ක්‍රීඩිකාවන් සහභාගී වීමට නියමිත අතර ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිලධාරීන් 31ක් ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී වෙති.

බර ඉසිලීමේ ශූර චින්තන විතානගේ මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරයි. ලංකා සංචිතයේ මෙහෙයුම්  ප්‍රධානී ලෙස රියාර් අද්මිරාල් ශෙමාල් ප්‍රනාන්දු මහතා සහභාගී වෙයි.

ඩියන් ගෝමස් (බොක්සිං), ජයන්ත සෙනෙවිරත්න/රොමේෂ් කළුවිතාරණ/චම්පික රාමනායක (ක්‍රිකට්-පිරිමි), රොෂාන් ඉද්දමල්ගොඩ (ක්‍රිකට්-කාන්තා), ඩර්වින් පෙරේරා (මලල ක්‍රීඩා), රොහාන් චින්තක (රග්බි), මහේන් ඔබේසේකර (බර ඉසිලීම), රොහාන් පතිරගේ (වෙරළ අත්පන්දු), සරත් දිසානායක (හොකී), සේනක සෙනෙවිරත්න (යාත්‍රා කිරීම) ඇතුළු නිලධාරීන් 31ක් මෙම ක්‍රීඩා සංචිතයට එක් වෙති.

 ‘විවිධත්වය මෙහි බැබළේ‘ (Diversity Shines Here) මෙවර ආසියානු ක්‍රීඩා උළෙලට උද්යෝග පාඨයයි.

 

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 18 September 2014 09:46