April 26, 2024

ක්‍රිස්ටියානෝ රෝනල්ඩෝ ඇ.ඩො මිලියනයක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරයි

ලෝකයේ අතිශයෙන් ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයෙකු වෙන ක්‍රිස්ටියානෝ රෝනල්ඩෝ සහ ඔහුගේ කළමනාකරු වෙන ජෝරජ් මෙන්ඩිස් විසින් පෘතුගාලයේ රෝහල් 2ක් සඳහා සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 1.08ක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කර ඇති බව විදෙස් ක්‍රීඩා පුවත් වාර්තා කර තිබේ.

ඒ අනුව ඔහු සහ ඔහුගේ කළමනාකරු විසින් ලිස්බන් නුවර සාන්ත මරීයා රෝහලේ වාට්ටු 02ක් සඳහා දැඩි සත්කාර ඇඳන් 20ක්, වෙන්ටිලේටර් යන්ත්‍ර, හෘද ස්පන්ද දත්ත පේනවන මොනිටර් යන්ත්‍ර, ඉන්ෆියුෂන් යන්ත්‍ර සහ සිර්න්ජර් ඇතුළු වෛද්‍ය උපකරණ තොගයක් ලබා දී තිබෙනවා. එමෙන්ම පෘතුගාලයේ දෙවැනියට වැඩිම පිරිසක් ජීවත් වෙන පෝටෝ නගරයේ සාන්ත ඇන්ටෝනියෝ රෝහල සඳහාද දැඩි සත්කාර ඇඳන් 15ක්, වෙන්ටිලේටර් යන්ත්‍ර, හදවත් ස්පන්ද දත්ත පෙන්වන මොනිටර් ඇතුළු වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කර තිබුණා. සාන්ත ඇන්ටෝනියෝ රෝහලේ වාට්ටු 3ක් ගෞරවයක් ලෙස ක්‍රිස්ටියානෝ සහ ජෝර්ජ් නමින් නම් කිරීමට සුදානම් බවත් වාර්තා වෙයි.

"රටට සියලු දෙනාගේ සේවය අවශ්‍ය වෙලාවේ කළ උපකාරය වෙනුවෙන් ඔවුන්ට ස්තූතියිවන්ත වෙනවා" යැයි සාන්ත ඇන්ටෝනියෝ රෝහලේ කළමනාකරුවෙකු වන පවුලෝ බාබොසා පවසා තිබුණා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 25 March 2020 12:51