April 26, 2024

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල කල් යන ලකුණු

මෙම වසරේ ජූලි 24 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල කල් ද දැමීම සඳහා සුදානමක් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. කොරෝනා  වෛරසය දැඩි ලෙස ලෝකයේ රටවලට බලපෑම් කරන අවස්ථාවක ඔලිම්පික් උළෙල පැවැත්වීමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබේ. මේ නිසා දැනටමත් කැනඩාව සහ එක්සත් රාජධානිය තමන්ගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සහභාගී නොකිරීමට කටයුතු කරන බව ප්‍රකාශයට පත් කර ඇත.

ඔලිම්පික් කමිටුව ප්‍රකාශයෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා තිබුණේ ඔලිම්පික් උළෙල වසරකින් කල් දැමීම සඳහා මේ වෙන විට සාකච්ඡා සිදුවෙමින් පවතින බවත් මෙම වසරේ ජූලි 24 වැනිදා ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීමට හැකියාවක් නැති බවයි. 

Rate this item
(0 votes)