April 26, 2024

තරංගගෙන් ශතකයක් - කොදෙව්වන්ට එරෙහි පුහුණු තරගයේ ජය ශ්‍රී ලංකාවට

February 18, 2020

ඊයේ (17) ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම හා බටහිර කොදෙව් කණ්ඩායම අතර පැවැති පුහුණු තරගයෙන් ජය ලැබීමට ශ්‍රී ලංකා සභාපතිවරයාගේ කණ්ඩායමට හැකියාව ලැබුණි.

පළමු ඉනිමට බටහිර කොදෙව් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 282 ලබා ගැනීමට සමත් විය. එහිදී ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ ඩැරන් බ්‍රාවෝ පන්දු 88කදී ලකුණු 100ක් ලබා ගැනීමට සමත්විය. නිකලොස් පූරන් පන්දු 38කදී ලකුණු 41ක් ලබා ගත්තේය. පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු 2/17ක් හා ඩිල්ෂාන් මදුසංක 3/47 කඩුළු ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා සභාපතිවරයාගේ කණ්ඩායම කඩුළු 8ක් දැවී ජයග්‍රාහී ඉලක්කය වූ ලකුණු 283 ලබා ගැනීමට සමත් වුණා. එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ උපුල් තරංග පන්දු 124 කදී ලකුණු 120ක් ලබා ගැනීමට සමත් වූ අතර අසේල ගුණරත්න පන්දු 74කදී ලකුණු 64ක් ලබා ගත්තේය. පන්දු යැවීමේ දී හයිඩන් වැල්ෂ් 2/52, ශෙල්ඩන් කෝට්‍රල් 2/22 කඩුළු ලබා ගැනීමට සමත්විය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 18 February 2020 08:21