April 26, 2024

ලෝක ශූර මික්ස් මාෂල් ආර්ට් හා බොක්සිං ක්‍රීඩකයන් දෙදෙනා සටනකට සුදානමක්?

February 13, 2020

ලෝකයේ ප්‍රසිද්ධම මික්ස් මාෂල් ආර්ට් ක්‍රීඩකයෙකු හා බොක්සිං ක්‍රීඩකයෙකු අතර සටනක් පැවැත්වීමට සුදානමක් ඇතිබව ජාත්‍යන්තර ක්‍රීඩා පුවත් වාර්තා කර ඇත.

මෙම සටන පැවැත්වෙනු ඇතිබව වාර්තා වෙන්නේ යු.එෆ්.සී ශූරයෙකු මෙන්ම මික්ස් මාෂල් ආර්ට් ශූරයෙකු වන කොනර් මැක්ග්‍රෙගර් සහ ලෝක බොක්සිං ශූරයෙකු වන පිලීපින ජාතික මෑනි පැක්වියෝ අතරයි.

පැක්වියෝ විසින් මේ වනවිටත් Paradigm Sports Management ආයතනය සමඟ ගිවිසුමක් ද අත්සන් කොට ඇති බව වාර්තා වෙනවා. එම ආයතනය කොනර් මැක්ග්‍රෙගර් ද අයත් වෙන අායතනයයි.

මේ දෙදෙනාම අතර බොක්සිං තරගයක් සඳහා ඇති ඉඩකඩ පිළිබඳ දැන් බොහෝ දෙනා මත පළ කරන්නට පටන් ගෙන ඇත. දෙදෙනාම එකම ආයතනයක් යටතේ ගිවිසුම් ගතව ඇති නිසා මෙම සටන පැවැත්වීමට ඇති හැකියාව ද ඉහළ බවද ඔවුන් පවසා සිටි.

තවමත් සටන ගැන නිල වශයෙන් ප්‍රකාශයට පත්කොට නැතත් පළවෙන ඉඟි සැලකිල්ලට ගත්විට නුදුරේදී ම මෙම තරගය පැවැත්වෙනු ඇතිබවට විශ්වාස කළ හැකිය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 13 February 2020 09:06