April 27, 2024

ඇවිදීමට අපහසු නිසා ලෝක පාපන්දු ශූරයා නිවසෙන් එළියට පැමිණිම ප්‍රතික්ෂේප කරයි

February 11, 2020

ලෝක පාපන්දු ඉතිහාසය තුළ පුරාවෘත්තයක් වූ බ්‍රසීල පාපන්දු ශූර පෙලේ මෙම දිනවල ඉතාමත් අපහසුතාවයෙන් කල් ගෙවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එයට හේතුව වී තිබෙන්නේ ඔහුට නිසියාකාරව ඇවිදීමට නොහැකි වීමයි. ඒ නිසාම පෙලේ තමන්ගේ නිවසෙන් පිටතට පැමිණිමට අකමැත්තක් දක්වන බවත් වාර්තා වෙනවා.

අවුරුදු 21ක පාපන්දු ක්‍රීඩා ජීවිතය තුළ ගෝල 1,281ක් රැස් කරගෙන ඇති පෙලේ තෙවරක් ලෝක පාපන්දු ශූරතාවය ද තමන්ගේ රටට හිමි කර දුන් අතර ලෝකයේ පාපන්දු රජු ලෙසද සලකයි.

පසුගිය වසර කිහිපය තුළ දී ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පහත වැටී තිබුණු අතර 2015 වසරේ දී පෙලේ හට පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිතව සැත්කමක් ද සිදු කරනු ලැබුණි. පසුගිය වසරේ දී ඔහුගේ මුත්‍රා මාර්ගයේ සිදු වු ආසාදනයක් හේතුවෙන් රෝහල් ගත කර ප්‍රතිකාර කරනු ලැබීය.

79 වැනි වියේ පසුව පෙලේ මේ දිනවල රෝද පුටුවක් ආධාරයෙන් ගමන් කරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

පෙලේගේ පුතෙකු වන එඩින්හෝ පවසන්නේ පෙලේ බොහෝ අවස්ථාවල හුදෙකලාව කාලය ගත කරන බවයි. පාපන්දු රජු ලෙස ලෝක පාපන්දු ශූරයා බවටද පත් වු ⁣තම පියා අද ඇවිදීමට රෝද පුටුවක් භාවිත කිරීමට සිදු වීම නිසා දැඩි අපහසුතාවයෙන් කාලය ගත කරන බවද එඩින්හෝ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. පෙලේ නිවසින් පිටතට යාමට හෝ පිරිස් ඉදිරියේ පෙනී සිටීමට අකමැත්ත පළ කරන බවද ඔහු තවදුරටත් කියා සිටියා.

1940 දී උපත ලද පෙලේ 1956 දී වයස අවුරුදු 15 දී පාපන්දු ක්‍රීඩාවට යොමුවන අතර එතැන් පටන් ඔහු වාර්තා පිට වාර්තා තබමින් ලෝකයේ එතෙක් මෙතෙක් බිහි විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙසට ද පත්විය.

Rate this item
(2 votes)