April 27, 2024

වයස අවු.19 පහළ එක්දින ක්‍රිකට් ලෝක කුසලානය බංගලාදේශයට

February 10, 2020

වයස අවුරුදු 19 පහළ එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ ඊයේ පැවැති අවසන් තරගයේ දී සිව්වතාවක් ලෝක කුසලානය දිනූ ප්‍රබල ඉන්දීයානු කණ්ඩායම පරදා ජය ලැබීමට බංගලාදේශයට හැකියාව ලැබිණි.

දකුණු අප්‍රිකාවේ පොචෙෆ්ස්ටෝර්ම් හී පැවැති අවසන් තරගයේ දී ප්‍රථම ඉනිම ක්‍රීඩා කළ ඉන්දියානු වයස අවු.19 පහළ කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 177ක් රැස් කර ගැනීමට සමත් වුණා.

බංගලාදේශය පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටිය දී වර්ෂාවෙන් තරගයට බාධා එල්ල වීම නිසා තරගය ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය (DLS Method) අනුව පැවැතී අතර බංගලාදේශයට පන්දුවාර 46ක් තුළ ලකුණු 170ක ඉලක්කයක් හිමි වුණා

මෙම ඉලක්කය හඹා ගිය අවු.19 බංගලාදේශ කණ්ඩායම පන්දුවාර 42යි 1 පන්දුවක් අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 170ක් ලබා ගනිමින් ජයග්‍රහණය හිමි කර ගත්තා.

ප්‍රථමවරට අවසාන තරගයකට පැමිණි බංගලාදේශ කණ්ඩායමට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ද ට්විටර් පණිවිඩ මඟින් සුබ පැතුම් එක් කර තිබූ බව දැක ගන්නට හැකි වුණා.

Rate this item
(0 votes)