April 26, 2024

මාලිංග වෙනුවට දසුන් ශානක

බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් තරග දෙක සඳහා දසුන් ශානක නම්කර තිබේ.

ලසිත් මාලිංග මෙම තරගාවලියේ පළමු තරගයට ක්‍රීඩා කිරිමෙන් අනතුරුව එක්දින පිටියෙන් සමුගන්නා අතර ඒ අනුව ඔහු වෙනුවට දෙවැනි හා තෙවැනි තරග සඳහා දසුන් ශානක නම්කර තිබේ.

දෙවැනි හා තෙවැනි තරග සඳහා ශ්‍රී ලංකා සංචිතය - දිමුත් කරුණාරත්න (නායක), කුසල් ජනිත් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, ෂෙහාන් ජයසූරිය, ධනංජයද සිල්වා, වනිඳු හසරංග, අකිල ධනංජය, නුවන් ප්‍රදීප්, ළහිරු කුමාර, තිසර පෙරේරා, ඉසුරු උදාන, කසුන් රාජිත, දසුන් ශානක 

Rate this item
(0 votes)