April 26, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සහ බටහිර ඉන්දීය කොදෙව්වන්ට ICCයෙන් දඩ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය දඩ නියම කර තිබේ.

ඒ, මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ එම කණ්ඩායම් දෙක අතර පැවති තරගයේදී නියමිත කාලයට අනුව පන්දුවාර 50 යවා නිම නොකිරීම හේතුවෙනි.

පන්දුවාර 50ට අදාළ අවසන් පන්දුවාර 2ක යැවීමට මෙලෙස කණ්ඩායම් ද්විත්වය අපොහොසත් වී තිබේ.

ඒ අනුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් කණ්ඩායම් දෙකේ නායකයින් වන දිමුත් කරුණාරත්නට සහ ජේසන් හෝල්ඩර්ට තරග ගාස්තුවෙන් 40% බැගින් දඩ නියම කර ඇති බව සඳහන් ය.

ඊට අමතරව සෙසු ක්‍රීඩකයින් සියලු දෙනාටම තරග ගාස්තුවෙන් 20% බැගින් දඩ පනවා තිබේ.

එමෙන් ම දිමුත්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හෝ හෝල්ඩර්ගේ නායකත්වය යටතේ කොදෙව් කණ්ඩායම ඉදිරි මාස 12ක කාලය තුළදී මෙම වරද යළි සිදු කළහොත් එම නායකයා සඳහා තරග තහනමක් ද පනවනු ඇති.

Rate this item
(0 votes)