May 18, 2024

සිංහයින් යළි දිවයිනට

February 25, 2019

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 08 දෙනෙකු 2/25 දින උදෑසන 8.00 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 656 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ .

ඔවුන් පිළිගැනීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු , ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීන් මෙන්ම , එම ක්‍රීඩකයන්ගේ නෑදෑ හිතවතුන් ද ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .

එම ක්‍රීඩකයන් අතර කෞශාල් සිල්වා , මොහොමඩ් සිරාඩ් , මිලින්ද සිරිවර්ධන , හසිත ඇඹුල්දෙණිය , අකිල ප්‍රනාන්දු , දිමුත් කරුණාරත්න , ළහිරු තිරිමාන්න සහ සුරංග ලක්මාල් සිටියහ.

(කටුනායක ටී.කේ.ජී.කපිල )

Rate this item
(1 Vote)
Last modified on Monday, 25 February 2019 14:02