April 26, 2024

බටහිර ඉන්දීය කොදෙව්වන්ට ජය

20 - 20 ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම් අතර තරගය ඊයේ පැවැති අතර ලකුණු 73 කින් ජයග්‍රහණය කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හැකි විය.

කාසියේ වාසිය බංග්ලාදේශ කණ්ඩායම දිනා ගත් අතර බටහිර ඉන්දීය කොදෙව් පිළ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්හ. 

එහි දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 07 ක් දැවී ලකුණු 171 ක් ලබා ගත්හ.

පන්දු වාර 19යි එක් පන්දුවක දී සියළුදෙනා දැවී බංගලාදේශ කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණු 98 කි.

Rate this item
(0 votes)