April 26, 2024

ටෙස්‌ට්‌ ක්‍රීඩාව ගැන පීටර්සන්ගෙන් අනාවැකියක්‌..

February 22, 2018

ඉදිරියේදී ටෙස්‌ට්‌ ක්‍රීඩා කරන රටවල් ගණන පහකට සීමා වනු ඇතැයි එංගලන්ත හිටපු ටෙස්‌ට්‌ ක්‍රීඩක කෙවින් පීටර්සන් පවසයි.

ඔහු මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාවට සමුදී ඇති අතර එළැඹෙන පාකිස්‌තාන් පන්දුවාර විස්‌සයි විස්‌ස සුපර් ලීගයෙන් පසුව සියලුම ක්‍රිකට්‌ තරගවලට සමුදීමට පීටර්සන් සූදානමින් සිටියි.

පීටර්සන් පවසන පරිදි තවත් වසර දහයකට පසුව ටෙස්‌ට්‌ ක්‍රීඩා කිරීමට ඉතිරිවන්නේ ඔස්‌ටේ්‍රලියාව, ඉන්දියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ පාකිස්‌තානය පමණි. අනෙකුත් ටෙස්‌ට්‌ ක්‍රීඩා කරන කණ්‌ඩායම් එම තත්ත්වයෙන් ඈත්ව එක්‌දින සහ විස්‌සයි විස්‌ස තරගවලට පමණක්‌ සීමා වනු ඇතැයි ඔහු පෙන්වා දෙයි.

කෙවින් පීටර්සන් නවසීලන්තය ශ‍්‍රී ලංකාව බටහිර ඉන්දීය වැනි ප‍්‍රබල කණ්ඩායම් ටෙස්ට් ක‍්‍රීඩාවෙන් ඉවත් කර ඇති අතර ඔහු පවසන්නේ වත්මන් තත්වය අනාගතයේදී වෙනස් වන බවයි.

පීටර්සන් එංගලන්තය වෙනුවෙන් ටෙස්‌ට්‌ තරග 104 කට ක්‍රීඩා කරමින් ශතක 23 ක්‌ සමග මුළු ලකුණු 8181 ක්‌ ලබා ඇති අතර එක්‌දින තරග 136 කට සහභාගි වී තිබේ.

Rate this item
(0 votes)