April 27, 2024

ශ්‍රී ලංකාවට පාඩමක් උගන්වන්නට බලාසිටි බංගලියන්ට අන්ත පරාජයක්…

February 19, 2018

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශය අතර පැවති සියළුම තරඟාවලි ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනේ පැවති දෙවන T20 තරඟයද ජය ගනිමින් T20 තරඟාවලියද ජය ගැනීමත් සමඟය.

අවසන් තරගයේ කාසිය වාසිය දිනු බංගලාදේශ නායක මහමදුල්ලා රියාද් පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදුන් අතර නැවත ශ්‍රී ලංකා කණ්ඩායමට ස්ථාවර ආරම්භයක් ලබාදුන් ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් දෙදෙනා ලකුණු 98ක් පළමු කඩුල්ල ලෙස එකතු කල අතර ධනුෂ්ක පළමු කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 42ක් ලබා සිටියදීය.

අංක තුන පිතිකරුවා ලෙස උසස් වීමක් සහිතව පැමිණි තිසර පෙරේරා නැවතත්  සාර්ථක වෙමින් ලකුණු 31ක් පන්දු 17ක් තුල ලබාගත් අතර තරංගද වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 13ක් තුල ලකුණු 25ක් ලබාගැනීමට සමත් විය.දසුන් ශානක මේ තරඟයේදී ද දවා ගැනීමට බංගලි පන්දු යවන්නට නොහැකි වූ අතර ඔහු තම ලකුණු 30 සඳහා වැයකලේ පන්දු 11 ක් පමණකි.

මෙම තරඟාවලියේ ටෙස්ට් තරඟාවලියේ මෙන්ම T20 තරඟාවලියේදී ද ආරම්භක පිතිකරු ලෙස පිටියට පැමිණි කුසල් මෙන්ඩිස් තම වැඩ කටයුත්ත ඉහලින්ම ඉටු කරමින් මෙම තරඟයේදී ද ලකුණු 70ක් ලබා ගත්තේ පන්දු 42ක් පමණක් වැය කරමිනි.

ලකුණු 211 ක ඉලක්කය හඹා යාමට පැමිණි බංගලාදේශ පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කල ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ ෂෙහාන් මදුශංක සහ අකිල ධනංජය දෙදෙනා පළමු කඩුලුතුනම ලකුණු 22ක් වන විට දවාගත් අතර ෂෙහාන් කඩුලු දෙකක් දවාගැනීමට සමත් වූ අතර තෙවන පන්දුවාරයේ පළමු පන්දුව යැවීම සමඟ අභාදයකට ලක්වීම නිසා ඔහු පන්දු යැවීමෙන් ඉවත් වූ අතර කෙසේ නමුත් මැදපෙළ පිතිකරුවන්ට සාර්ථක වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් මෙම තරඟයේදී අවස්තාව ලබා දුන්නේ නැත.

කඩුලු බිඳ වැටීම සමඟ බංගලාදේශ පිතිකරුවන් තරඟයේ පන්දුවාර 20 පිතිහරම්භයේ නිරත වීමේ අරමුණෙන් පිතිහරම්භයේ යෙදුනේ අවමානයෙන් බේරීමේ අරමුණෙන් වුවද මෙම තරඟයේදී මෙන්ම තරඟාවලියේ පරාජය සමඟ ඇතිවූ අවමානයෙන්ද ඔවුන්ට බේරීමට ලැබුනේ නැත.

බංගලි ඉනිම අවසාන වුයේ පන්දුවාර 18.4 තුල ලකුණු 135කට සියලු දෙනා දැවී යාමෙන් වූ අතර පන්දු යැවීමේදී ධනුෂ්ක සහ ෂෙහාන් කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් විය.තරඟයේ වීරයා සහ තරඟාවලියේ වීරයා සම්මාන දෙකම දිනාගත්තේ කුසල් මෙන්ඩිස් විසිනි.

Rate this item
(0 votes)