April 27, 2024

දොන් බ‍්‍රැඩ්මන් පසුකරමින් රොශේන් තැබූ වාර්තාව මෙන්න

February 10, 2018

ශ‍්‍රී ලංකා කණ්ඩායම හා බංගලාදේශ කණ්ඩායම අතර ඩකාහි මීර්පුර් හිදී පැවැත්වෙන් දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේ දිවා ආහරයට තරගය නිමා කරන විට ජයග‍්‍රහණය සදහා ලකුණු 339ක ඉලක්කයක් හමා යන බංගලාදේශ කන්ඩායම කඩුලු 02ක් දැවී දැවි ලකුණු 57ක් ලබා සිටියි.

මොමිනුල් හක් ලකුණු 31ක් හා මුෂ්ෆිකර් රහීම් ලකුණු 2ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටිති.

බංගලාදේශ මුලු ලකුණු පුවරුවට ලකුණු 3ක් එක්වෙද්දී ලකුණු 02ක් ලබා සිටි තමිම් දවා ගැනීමට දිල්රුවන් පෙරේරා සමත්වූ අතර ලකුණු 17ක් ලබා සිටි ඉම්රුල් කයිස් දවා ගැනිමට රංගන හේරත් සමත් විය.

ඊයේ දිනයේ තරගය නතර කරන විට කඩුලු 08කට ලකුණු 200ක් ලබා සිටි ශ‍්‍රී ලංකා කණ්ඩායමට අද දිනයේ රැස් කර ගත හැකි වුයේ ලකුණු 26ක් පමනි.

සිය තෙවැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් රොශෙන් සිල්වා පිටි පිට ලකුණු 50 සීමාව පසුකල සිව්වැනි අවස්ථාව සටහන් කරගනිමින් එක් අන්තයක නොදැවී ලකුණු 78ක් ලබා ගැනීමට සමත් විය.

රොශෙන් මේ වන විට ඉනිම් 05කදී ලකුණු 309ක් ලබා පිතිකරණ සාමාන්‍ය 103ක් වශයෙන් පවත්වාගෙන යන අතර එය දෙවැනි හොදම ටෙස්ට් පිතිකරණ සාමාන්‍ය ලෙසද වාර්තා අතරට එක්විය.

සුරංග ලක්මාල් සමග එක්වෙමින් 09 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 48ක සම්බන්ධතාවක් පැවැත්වූ රොෂේන්ගේ ඉනිමට හතරේ පහර 10ක් ඇතුළත් විය.

සුරංග ලක්මාල් හා රංගන හේරත් පිට පිට පන්දු දෙකකදි දැවී යාම හේතුවෙන් ශ‍්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුනු 226කට සීමා විය.

Rate this item
(4 votes)