April 26, 2024

‘චිතගොන් තණතීරුව ටෙස්ට් තරග සදහා සුදුසු නෑ’..ආරම්භක පිතිකරුවා කියන කතාව මෙන්න

February 05, 2018

චිතගොන් තණතීරුව ටෙස්ට් තරග සදහා උචිත නොවන බවත් ඊළග තරගයට පිතිකරුවන්ට මෙන්න පන්දු යවන්නන්ටද උචිත තණතීරුවක් සැකසෙනු ඇති බවට තමා බලාපොරොත්තු වන බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න පවසනවා.

ඊයේ දිනයේ ශ‍්‍රී ලංකා කන්ඩායම පන්දුවාර 73ක් ප‍්‍රතිවාදින්ට යොමුකළ අතර දවාගත හැකි වූයේ කඩුලු 02ක් පමණි.

‘බංගලාදේශ කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 500ක් ගත්තත් අපි පිතිකරුවන් ලකුණු 700කට වැඩි ලකුණු ප‍්‍රමාණයක් ගත්තා.අපේ ක‍්‍රීඩකයින් ලොකු ලකුණු ප‍්‍රමාණයක් අරගෙන මේ තනතීරුවේ ඔවුන්ට පීඩනයක් දුන්නා.මම හිතන්නේ නෑ මේ තනතීරුව ටෙස්ට් තරග සදහා යෝග්‍යයි කියලා.මොකද තරගවාලිය පුරාම මේ විකට්ටුවේ ලකුනු 1500කට වැඩි ප‍්‍රමාණයක් රැස්කළා.මම හිතනවා පන්දුයවන්නන්ටත් හිතකර උනානම් හොදයි කියලා.ඒක නිසා ඊළග තරගයට පිතිකරුවන්ට මෙන්ම පන්දුයවන්නන්ද යෝග්‍ය තණතීරුවක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.’

බංගලාදේශ කන්ඩායම වෙනුවෙන් විශිෂ්ට ලෙස පිතිකරණයේ යෙදුණු මොමිනුල් හක් හා ලිතන් දාස්ගේ ඉනිම පිළිබදවද කරුණාරත්න මෙහෙදි අදහස් දක්වා සිටියා.

‘ඉනිම් දෙකේදීම හොදින් පිතිකරණයේ යෙදුණු මොමිනුල්ගේ ඉනිම විශිෂ්ටයි.අවසන් දවසේ පළමු භාගය ගොඩක් තීරණාත්මකයි.අපි කඩුලු ගත්තානම් අපිට ජයග‍්‍රහණයට ලොකු අවස්තාවක් තිබුණා.මොමිනුල් ලිතන් ගොඩක් හොදින් පහරදුන්නා.තනතීරුවෙන් අපේ පන්දු යවන්නන් කිසිදු වාසියක් තිබුණෙ නෑ.දගකැවීමක් හා ඉපිළීමක් තිබුනේ නෑ’ යැයි දිමුත් පැවසීය

Rate this item
(0 votes)