April 27, 2024

ධනංජය - කුසල් ශ‍්‍රී ලංකා ඉනිම ගොඩනගති

February 01, 2018

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර චිතගොන්හි සහූර් අහමඞ් චෞද්රි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන  පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය සදහා තරගය නතර කරන විට සිය ප‍්‍රථම ඉනිම ක‍්‍රීඩා කරන ශ‍්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 187ක් රැුස් කරගෙන සිටියේය.ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශ ප‍්‍රථම ඉනිමට වඩා ලකුණු 326ක් පිටුපසින් සිටියි.

මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 129යි පන්දු 5ක් අවසානයේදී කණ්ඩායමේ සියළු දෙනා දැවී ලකුණු 513ක  දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් රැස් කළ අතර, ශ්‍රී ලංකා ඉනිමේ පළමු පිතිකරු ලකුණු නොලබාම ක්‍රීඩාගාරයට යවන්නට බංගලාදේශ පන්දු යවන්නන් සමත් විය. ඉන් අනතුරුව ක්‍රියාත්මක වුනු ධනංජය ද සිල්වා ලකුණු 104ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 83ක් නොදැවි රැස් කරමින් ශ්‍රී ලංකා පළමු ඉනිම සාර්ථක කරන්නට සමත් වූහ. දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 48ක් අවසානයේ එක්ල කඩුල්ලක් දැවී ලකුණු 187ක් ලබාගෙන සිටියි.

බංගලාදේශ කණ්ඩායම පළමු ඉනිම – පන්දුවාර 129.5ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 513(මොමිනුල් හක් 176,මුෂ්ෆිකර් රහීම් 92,රියාද් මොහමදුල්ලා නොදැවී 83, තමීම් ඉක්බාල් 52, ඉම්රුල් කයිස් 40,සුරංග ලක්මාල් 3/68,රංගන හේරත් 3/150,ලක්ෂාන් සදකැන් 2 /92)

ශ‍්‍රී ලංක පළමු ඉනිම – පන්දුවාර 48ක් තුළ එක් කඩුල්ලක් දැවී ලකුණු 187
(ධනංජයද සිල්වා නොදැවී 104,කුසල් මෙන්ඩිස් නොදැවී 83, මෙහෙදි හසන් මිරාස් 1/45)

Rate this item
(0 votes)