April 26, 2024

නිශාන්ගේ ශතකයෙන් ශ‍්‍රී ලංකා යොවුන් පිළ අවසන් මහා තරගයට..

වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පලිහ ශූරතාව සඳහා වන අවසාන පූර්ව තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම පරදා කඩුලු 05ක් විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) සමත් විය.

ඒ අනුව පලිහ ශූරතාවයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ‍්‍රි ලංකා යොවුන් කණ්ඩායම සමත්විය

ජයග‍්‍රහණය සදහා ලකුනු 259ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ශ‍්‍රී ලංකා යොවුන් පිළ පන්දුවාර 45.3කදි කඩුලු 05ක් පමණක් දැවී සිය ජයග‍්‍රහණය තහවුරු කර ගත්හ.

එහිදී විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ කඩුලු රකින ක‍්‍රීඩක නිශාන් මධුශ්ක පන්දු 135කට මුහුණ දෙමින් හතරේ පහර 09ක් සමගින් නොදැවී ලකුණු 109ක් ලබාගත් අතර නුවනිදු ප‍්‍රනාන්දු සමග එක්වෙමින් පස්වැනි කඩුල්ල සදහා විශිෂ්ට 143ක සමබ්න්ධතාවක් පවත්වමින් සිය කණ්ඩායම ජයග‍්‍රහණය කර රැගෙන ගියේය.

නුවනිදු පන්දු 79කට මුහුණ දෙමින් ලකුනු 68ක් ලබා ගත් අතර හතරේ පහර 08කින් සිය ඉනිම අලංකාර කර තිබුණි.

නුවනිදු දැවී ගිය පසු පිටියට පිවිසි අශේන් බණ්ඩාර වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් හතරේ පහර 06ක් සමගින් නොදැවී ලකුණු 38ක් ලබාගත්හ.

මීට පෙර තරගයේ කෙන්යාව ට එරෙහිව පැවැති තරගයේ ලෝක වාර්තාවක් පිහිටවූ හසිත බෝයගොඩ පළමු පන්දුවෙන් දැවී ගියේය.

ශ‍්‍රී ලංකා යොවුන් පිලේ පිතිකරුවන් එරෙහිව සිම්බාබ්වේ කන්ඩායම පන්දු යවන්නන් 09 දෙනෙකු යොදාගනු ලැබුවත් ඉන් යම් තරමකට හෝ සාර්ථක වූයේ Nkosilathi Nungu පමණි.ඔහු ලකුනු 49කට කඩුලු 02ක් දවා ගැනීමට සමත් විය.

ශ‍්‍රී ලංකා යොවුන් කන්ඩායමේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ යොවුන් පිළ නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 04කට ලකුණු 259ක් රැස් කළේය.

ඉනිමේ වැඩිම ලකුනු ලාභියා වු Jayden Schadendorf හයේ පහර 04ක් හා හතරේ පහර 03ක් සමගින් ලකුනු 74ක් රැුස් කරගත් අතර Milton Shumba නොදැවී ලකුනු 62ක් රැුස් කළේය.

පන්දුයැවීමේදී තිසරු රශ්මික ලකුනු 58කට කඩුලු 02ක් දවාගත් අතර ධනංජය ලක්ෂාන් හා හරීන් බුද්ධිල එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් විය.

Rate this item
(2 votes)