April 26, 2024

කුසල් ජනිත්ට තුන්කොන් තරගාවලිය අහිමි වෙයි..සංචිතයට එක්වන අලුත්ම ක‍්‍රීඩකයා මෙන්න

සිම්බාබ්වේ සමග පැවති දෙවැනි තරගයේදී මස්පිඩු ඇදීමකට ලක්වූ ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරාටද තරගාවලියේ ඉතිරි තරග අහිමි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ නිළධාරීන් පවසයි.

කුසල් ජනිත් ගෙන් පුරප්පාඩු වන කණ්ඩායමේ ස්ථානයට ධනංජය ද සිල්වා ආදේශ කොට ඇත.

එසේම බංග්ලාදේශ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

මේ සම්බන්ධව අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙකු පැවසුවේ,ඇන්ජලෝගේ තත්ත්වය පිළිබඳ වෛද්‍ය පරීක්ෂණයක් සිදුකළ බවත්, ඔහු තරගාවලියේ ඉදිරි තරග සඳහා සහභාගි නොවන බවත්ය.

තරගාවලියේ  ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර පැවැති පළමු තරගයේදී මැතිව්ස් කලවයේ ආබාධයට ලක්විය.

කුසල් ජනත් පෙරේරා තුන්කොන් තරගාවලියේදී සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති තරග දෙකේදීම සාර්ථක පිතිහරඹයක නිරත වු අතර පළමු තරගයේදී ලකුණු 80ක් සහ දෙවැනි තරගයේදී ලකුනු 49ක් ලබාගැනීමට සමත්විය.

Rate this item
(0 votes)